
(අංජුල මහික වීරරත්න)
බස්නාහිර පළාතේ සහ අධිවේගී මාර්ග වල ස්ථානීය දඩ "Govpay" ඇප් එක හරහා ගෙවීමේ ක්‍රමවේදය අද (28) සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
අදාල දඩ මුදල් වල කිසිම වෙනසක් සිදුකර නැතැයිද ස්ථානීය වැරදි 33ක් සඳහා Govpay හරහා දඩ ගෙවීම සිදුකළ හැකි යැයි ද අමාත්‍යවරයා කීය. මෙම ක්‍රමය නිසා දඩ ගෙවන තැනැත්තාට තැපැල් කාර්යාල ගානේ රස්තියාදු වීමට සිදු නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අදාල දඩ ගෙවීම් ක්‍රමවේදය සාර්ථක කර ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ට මේ වනවිට පුහුණුව ලබාදී ඇති බව පැවසු අමාත්‍යවරයා අද දිනයේ රථ වාහන පොලීසියේ නිලධාරීන් 1000කට අදාල "ඇප් එකෙන්" දඩ මුදල ලබා ගැනීමට හැකි ජංගම දුරකථන ලබාදීමට නියමිත බව ද පැවසීය.
ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයේ කැපවීම මත මෙම කටයුත්ත ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට හැකියාව හිමිවූ බව ද අමාත්‍යවරයා කීය. ඉදිරි මාස කිහිපය ඇතුලත සෙසු පොලිස් ස්ථානවලට ද ජංගම දුරකථන ලබාදීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කීය.
මේ සම්බන්ධයෙන් ඩිජිටල් අමාත්‍යාංශය මඟින් පුහුණු වැඩසටහන් කිහිපයක් පොලිස් නිලධාරීන්ට ලබාදීමට නියමිත අතර, අගෝස්තු මස 4 වන දිනට පෙර මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා කියා සිටියේය. මෙම වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා වරාය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්මාර්ට් විදියට දඩ ගෙවන පහසුකම බස්නාහිරට
de silva Monday, 28 July 2025 11:56 AM
govpay එක පමණක් දීලා මදි... හැමෝම ඔය Govpay ඇප් භාවිතා කරන්නේ නැහැ.. නමුත් ලංකාවේ විශාල පිරිසකට ක්‍රෙඩිට්, ඩෙබිට් කාර්ඩ් තිබෙනවා. පොලිසියට ඩෙබිට්, ක්‍රෙඩිට් කාර්ඩ් වලින් ගෙවන්න පහසුකම ඇති අතේ ගෙනයාහැකි ක්‍රෙඩිට් කාර්ඩ් මැෂින් දෙන්න ඕනේ... අවශ්‍ය නම් එම මැෂින් එකට, govpay එකත් අන්තර්ගත කරගන්න පුළුවන්... ට්‍රැෆික් පොලිස් නිලධාරීන්ට බොඩි කැම් අනිවාර්ය කරන්න.