IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරියක මෙරටට

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාව චිත්‍රපට රූගත කිරීමේදී හොදම පසුබිම් දර්ශන සහිත රටක් බැවින් එය ලෝක සිනමා කර්මාන්තයේ අවදානයට ලක් කිරීමට සහ එය මෙරට සංචාරක කර්මාන්තයතයේ ප්‍රවර්ධනය සදහා දායක කර ගැනීමට , යොදා ගැනීමට සම්මානනීය ඉන්දීය ජාතික සිනමා අධ්‍යක්ෂ දීපා මෙහෙතා ( Deepa Mehta ) මහත්මිය දිවයිනට පැමිණියාය .

ජාත්‍යාන්තරය දිනූ සිනමා නිර්මාණකරණයේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් පසුව , විශාල වශයෙන් සිය නිර්මාණ සදහා , ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ , පසුබිම් දර්ශන සදහා යොදා ගත් සිනමා අධ්‍යක්ෂවරිය , දීපා මෙහෙතා මහත්මියයි .

ඇය විසින් ශ්‍රී ලංකාව තුළ රූගත කළ සිනමා නිර්මාණ ත්‍රිත්වයක් ඔස්කාර් සම්මාන උළෙලේ දී නිර්දේශිත නාමයන් අතරට ද පැමිණ තිබේ .

වෝටර් ( Water ) , මිඩ් නයිට්ස් චිල්රන්ඩ් ( Mid Night's Children ) සහ ෆනී බෝයි ( Funny Boy ) එම චිත්‍රපට ත්‍රිත්වයයි .

එයින් මිඩ් නයිට්ස් චිල්‍ රන්ඩ් සහ වෝටර් චිත්‍රපට දෙක හෙට (30) දින බෙන්තොට සිනමන් බීච් හෝටලයේ දී දෙස් - විදෙස් ප්‍රේක්ෂකයන් හමුවේ තිරගත කිරීමට නියමිතය .

මීට අමතරව ෆනී බෝයි චිත්‍රපටය ජූනි 01 දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ දී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

 



අදහස් (1)

සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරියක මෙරටට

Kamal Koyrala Thursday, 29 May 2025 11:54 AM

දැන් මෙයා සමග එක දාගන්න දඟලන සෙට් එකක් ඉඳියිනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 610 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 755 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site