IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සම්බාහනය මුවාවෙන් ව්‍යාපාරිකයාගේ රන් -මුදල් කොල්ලකාලා

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අන්තර්ජාලය මගින් දැන හඳුනාගත්  කාන්තාවකගෙන් සම්බාහන සේවාවක් ලබා ගැනීම සඳහා ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයකට ගිය ව්‍යාපාරිකයෙකු බිය වැද්දු කාන්තාවකගෙන්  සමන්විත සංවිධානාත්මක කල්ලියක් ඔහු සන්තකයේ තිබූ රන් ආභරණ ඇතුළු දේපළ රැසක් කොල්ලකා ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.

කොල්ල කන ලද දේපළ අතර රුපියල් ලක්ෂ 32 කට අධික වටිනා පවුම් 14  1/2  ක් බර රන්මාල දෙකක් ,පෙන්ඩනයක් , ගල් අල්ලන ලද රන් මුදුවක් , අත් ඔරලෝසුවක් මෙන්ම මුදලින් රුපියල් 10000ක්  වන බව පොලිසිය සඳහන් කරයි

වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි  ව්‍යාපාරිකයා ඉකුත් 13 වෙනිදින  අන්තර්ජාලය ඔස්සේ කාන්තාව හඳුනාගෙන ඇති අතර එම කාන්තාව සමග දුරකථනය මගින් සම්බන්ධ වී කතාබහ කර  සම්බාහනයක් ලබා ගැනීම සඳහා කාන්තාවගේම දැනුම් දීම අනුව එදිනම දහවල් ගල්කිස්ස  ප්‍රදේශයේ  හෝටලයක කාමරයක් වෙන් කරවාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි 

පැමිණිලිකාර ව්‍යාපාරිකාව එම කාමරයේ පළමු මහලේ කාමරයක රැඳී සිටියදී  ඔහු විසින් අන්තර්ජාලය මගින් හඳුනාගන්න ලද කාන්තාව සමග කාමරයට පැමිණි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ඔහුට තර්ජනය කරමින් අල්ලාගෙන සිටියදී කාන්තාව විසින් ව්‍යාපාරිකයා පැළඳ සිටි රන් ආභරණ, අත් ඔරලෝසුව මෙන්ම මුදල් තත්පර කීපයක් තුළදී කොල්ලකා    පලා ගොස් තිබූ බව පොලිසිය කියයි 

 

 



අදහස් (2)

සම්බාහනය මුවාවෙන් ව්‍යාපාරිකයාගේ රන් -මුදල් කොල්ලකාලා

Saman Dissanayake Thursday, 15 August 2024 02:36 PM

දැන් සැපද ?

:       0       12

රංබොඩ Thursday, 15 August 2024 03:20 PM

මෙවැනි කොල්ලකෑම් කිසිම තේරුමක් නෑනෙ. දැන් හැම තැනම කැමරා. සතියක් යන්න කලින් සේරම කොටු වෙනවා. ඊට පස්සෙ ජීවිතේ උසා⁣වියෙයි , හිර ගෙදරයි.

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site