(අංජුල මහික වීරරත්න)
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වන ලෙස ආරාධනා කර තිබියදීත් එයට නොපැමිණෙන රාජ්‍ය නිලධාරින් සම්බන්ධ වාර්තාවක් දිස්ත්‍රික් ලේකම්වරයා මාර්ගයෙන් ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මියට උපදෙස් දුන්නේය.
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මගින් ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය දැඩි අවධානයකින් පසුවන බවද අමාත්‍යවරයා කීය.
සම්බන්ධීකරණ කමිටු සදහා රාජ්‍ය නිලධාරීන් නොපැමිණි විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම අපහසු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ,ගම්පහ දිස්ත්‍රික් ලේකම් පැවති ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමිනි.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සම්බන්ධීකරණ කමිටු කර අරින රාජ්‍ය නිලධාරීන්ට වැඩ වරදී
අරවින්ද මොනරවිල Wednesday, 16 August 2023 03:49 PM
කප්පම්කාරයෙක්, මැරයෙක් ඉන්න තැනකට ඇවිල්ලා, එයාගේ කයිවාරු පුරාජේරු අහගෙන ඉන්න අකැමැති රාජ්‍ය නිලධාරින් ඔය කමකට නැති රැස්වීමට එන්නේ නැතිව ඇති...
pjThursday, 17 August 2023 01:48 AM
කොන්ද පණ තියෙනව නම් එම කමිටු රැස්වීමට පැමිණ ඔය කියන කප්පම් කාරයා සහ මාධ්‍ය ඉදිරියේ සත්‍ය ප්‍රකාශ කරන්න. ඇත්ත සඟවා ගෙන සිටියොත් රට තවත් වලපල්ලට. සතුටුයිද ??
සල්ලි Wednesday, 16 August 2023 10:03 PM
ඔය මාත්‍යලා අඩු ගානේ වෙලාවට එනවාද ඕවාට? මාත්‍ය දැනුමින් සන්නද්ධ නම් නිලධාරින් අහවල් එකටද?