IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


“සමුපකාර ව්‍යාපාරය මරන්න එපා”

 

(යොහාන් භාසුර)

සෑම පළාත් සභාවකම තොරතුරු අනුව සමූපකාර ව්‍යාපාරය මැරීගෙන යන ව්‍යාපාරයක් යැයි සාක්ෂිවලින් ඔප්පු වී ඇති බවත් ග්‍රාමීය සාමාජිකත්වය දරණ සමූපකාරවලට රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය දියයුතු බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

සමහර සමූපකාර සමිති නිෂ්පාදන සමිති, සමහර ඒවා වෙළඳ බෙදාහැරීමේ  සමිති මෙන්ම සමුපකාර ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය ගොඩනගපු යෝධයා බව කී අග්‍රාමාත්‍යවරයා යළිත් සමුපකාර ව්‍යාපාරයේ නැගීම සඳහා හඳුනාගෙන ඇති  පුනර්ජීවනය කිරීමේ  වැදගත් කොටස් සක්‍රිය කළ යුතු බව ද සඳහන් කළේය.

සමුපකාර කොමසාරිස්වරු ඇතුලු සෑම නිලධාරියෙක්ම වැඩ කිරීමට වහාම සූදානම් විය යුතු බවත් නිෂ්පාදන සහ බෙදාහැරීම්දාමය ශක්තිමත් කිරීමට ග්‍රාමීය ආර්ථිකයේ හදවත වැනි ව්‍යාපාරයක් වූ සම්පකාර ව්‍යාපාරයට හැකි පමණ හුස්ම දීමට කටයුතු කරනවා මිස එය මරාදැමීමට උත්සහ නොකළ යුතු බවත් අග්‍රාංමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පළාත් ආණ්ඩුකාරවරු සමග  කොළඹ  අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී එසේ පැවසීය.  



අදහස් (7)

“සමුපකාර ව්‍යාපාරය මරන්න එපා”

SL Tuesday, 23 August 2022 11:28 AM

10%ල ,ඔයා ,ඔයාගේ සුදුළුනු මල්ලි ඇතුළු ඔක්කොම එකතු වෙලා රටක ආර්ථිකයම මරල දාල තියෙන්නේ.තෙල් ලීටර් 440ක් ඇතිද සුදෝ ???

:       4       8

Lal Tuesday, 23 August 2022 01:01 PM

සමූපකාරය මරන්නේ වෙන කවුරුත් නෙවේ සමුපකාර දෙපාර්ථමේන්තුවේ නිලධාරීනුයි දේශපාලන පක්ෂයි. උදාහරණ ඕන තරම් තියෙනවා. සමුපකාර ඡන්දවලට මොකටද දේශපාලනය?

:       0       5

fairoos Tuesday, 23 August 2022 01:03 PM

අනේ පිං අගමැති තමුන් තවත් රට කන්නැතුව පුලුවන්නම් ඡන්දයක් තියන්න.

:       3       4

Nima Tuesday, 23 August 2022 01:27 PM

If you guys do not kill, it will be developed

:       0       0

ganegoda Tuesday, 23 August 2022 01:43 PM

ආපහු සමුපකාර මරලතෝනියක්

:       2       4

විපරමා Tuesday, 23 August 2022 02:13 PM

සමුපකාරය නැති කෙරුවේ දූෂිත දේසපාලුවෝ සහ ඇතුලේම හිටපු නිළධාරියො තමා.

:       0       0

පුරවැසියා...... Tuesday, 23 August 2022 05:49 PM

අගමැතිතුමනි, තැන්පත් කරුවන් අගාධයකට ඇද දමා අසරණ කොට ඇති සණස බැංකු ව්‍යාපාරය සම්බන්ධයෙන්ද අවධානය යොමු කොට එම තැන්පත් කරුවන්ට සහනයක් සලසන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site