IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සමන් රත්නායකට අදත් ඇප නෑ

(මනෝප්‍රිය ගුණසේකර)

ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර  රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඔහු ලබන 22 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට අද (10) පත් කළාය.

නඩුවේ 11 වැනි සැකකාර වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන නමැත්තාගේ ඇප නියෝගය සුදානමක් නැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ හෘද රෝගී තත්වය සළකා බැලීම සඳහා පංච පුද්ගල විශේඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමටද නියම කළාය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක නමැත්තාට ඇප දීමට තරම් සුවිශේෂි කරුණු ඉදිරිපත් කර නැතැයි ඔහුගේ ඇප ඇයැදුම ප්‍රතික්‍ෂෙප කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

සැකකාර වෛද්‍ය තුසිත සුදර්ශන නමැත්තා දෙවරක්ම හෘද රෝගයන්ට ගොදුරුවී ඇති බවටත් තෙවැනි වරටත් හෘද රෝගයකට ගොදුරුවීමේ අවධානමක් ඇති බවටත් ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව හෘද රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලේ සහ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල විශේඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමටද නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකාර වෛද්‍ය තුසිත සුදර්ශන නමැත්තාගේ රෝගී තත්වයන් සම්බන්ධ වෛද්‍ය වාර්තා වල මුල් පිටපත් එම විශේඥ වෛද්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමටද නියම කළාය.

 



අදහස් (3)

සමන් රත්නායකට අදත් ඇප නෑ

Prabha Wednesday, 10 April 2024 06:20 PM

රෝගයක් තියෙනවද නෙවෙයි බලන්න ඕනේ... මෙයාට හදවතක් තියෙනවද කියලා...

:       0       0

nanda Wednesday, 10 April 2024 08:58 PM

දේශපාලනයෙන් ඉහළ තනතුරු ලබාගැනිමේ ඵලවිපාකය නේද? තමන්ගේ ජේෂ්ඨත්වය අනුව හිමි උසස්වීම් තනතුරුවලට සීමා වෙනවා නම් ඔය කරදරවලට මුහුණ දෙන්න සිදුවෙන්නේ නෑ නේද?

:       0       0

Perera Thursday, 11 April 2024 08:44 AM

අසරණ රෝගීන්ට මොවුන්ගේ වැඩවලින් අත්වෙන්න යන ඉරණම දැනගත්තු කාලේ ඔය දැන් අමාරුව හැදිලා තියෙන හෘදය කොහේද දන්නේ නෑ තිබුණේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 395 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site