IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සමනළ,උඩවලව,චන්ද්‍රිකා පිටාර මට්ටමට

සමනළ වැවේ පෝෂක ප්‍රදේශවලට මේ දිනවල ඇද හැළෙන තද වර්ෂාවත් සමග සමනළ,උඩවලවේ සහ චන්ද්‍රිකා වැව පිටාර මට්ටම පැමිණ තිබේ.  මෙයින් මේ වන විට උඩවලව ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘතකර ඇත.

උඩවලවෙන් පිටවන විශාල ජල කඳ චන්ද්‍රිකාවැව හරහා වලවේ ගඟට මුදා හැරීම නිස  වළවේ ගඟ පිටාර ගැලීම හේතුවෙන් අම්බල්තොට ප්‍රදේශයේ පහත් බිම්වල පිහිටි නිවාස සහ මංමාවත් රැසක් ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වලවේ ගඟෙ සාමාන්‍ය ජල මට්ටමට වඩා අඩි 9කින් පමණ ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරි ඉංජිනේරුවෝ පවසති.

බළංගොඩ සහ හෝර්ටන් තැන් ඇතුළු ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැළෙන වර්ෂා ජලය බෙලිහුල්ඔය හරහාත්, ශ්‍රී පාද රක්ෂිතයට ඇද හැළෙන වර්ෂා ජලය වලවේ ගඟ හරහාත්  සමනලවැවට ලැබීම නිසා සමනළ වැවේ ජල මට්ටම ඉතා සීඝයෙන් ඉහළ යමින් පවතින බව සමනලවැව වාරි ඉංජිනේරුවෝ පවසති.

පැය 24 පුරා ක්‍රියාත්මක වන විදුලි ජනක යන්ත්‍ර සහ ගොවි කටයුතු වලට ජලය මුදා හරින සොරොව්ව හරහා සමනල වැවෙන් පිට වන මහ ජලකඳ  උඩවලව ජලාශයට මුදා හැරීම නිසා උඩවලව ජලාශයේ වාන් දොරටු සියල්ලම මේ වන විට විවෘත කර ඇති අතර එමගින් පිටවන ජල කඳ චන්ද්‍රිකාවැවට ගලා යයි. මේ වන විට චන්ද්‍රිකාවැවේ ජල මට්ටම ඉහළ යාම නිසා  පිටවන ජලය හුළංදාව ඔය හරහා හල්මිල්ල කැටියෙන් වලවේ  ගඟට එකතු වීම නිසා වලවේ ගඟේ ජල මට්ටම ඉහළ යන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

සමනලවැවේ වාන් දොරටු අවසන්වරට විවෘත කර ඇත්තේ  2006 නොවැම්බර් 26 වැනි දාය. එදායින් පස මේ වනතෙක් සමනළවැවේ වාන්දොරට විවෘත කර නොමැත'

(ජයන්ත නානායක්කාර, වයි.ඒ.එස්,වීරවංශ, සනත් ගමගේ සහ සම්පත් ප්‍රියනන්දන)

සමනළවැව

උඩවලව

උඩවලව

උඋඩවලව

චන්ද්‍රිකා වැව

 



අදහස් (0)

සමනළ,උඩවලව,චන්ද්‍රිකා පිටාර මට්ටමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site