IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සමනළවැවේ කාන්දු වහන්න කෝටි 10ක වියදමක්

(යොහාන් භාසුර)

සමනළවැව ජලාශයේ ජල කාන්දු වැසීමට රුපියල් කෝටි 10ක පමණ වියදමක් ඇස්තමේන්තු කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම වැය වාර්තාව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට යොමුකර ඇති බව ද එම නිලධාරියා කීය.

නියඟය හේතුවෙන් සමනළවැව ජලාශය සිදී යෑමත් සමඟ කළ නිරීක්‍ෂණයේදී එම ජලාශයේ ජල කාන්දු වන ස්ථාන 7 ක් සොයාගත් බවත් කාන්දු වන ජල ප්‍රමාණයෙන් සියයට 70 ක් පමණ අතහැර දැමූ උමගකින් කාන්දුවන බවත් එම නිලධාරියා සඳහන් කළේය.  

මෙම ජල කාන්දුවෙන් වසරකට රුපියල් කෝටි 200 ක පමණ පාඩුවක් වන බවත් එම කාන්දුවීම් 7 න් පමණක් වසරකට ජලය ඝණමීටර මිලියන 20 ක් පමණ අපතේ යන බවත් ඉංජිනේරුවෝ වාර්තා කර තිබුණි.

එම අපතේ යන ජලය ඝණමීටර මිලියන 20 ක ඉතිරිකරගත හොත් විදුලිබල නිෂ්පාදනයට යොදාගැනීමෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 200 ක පමණ මුදලක් වසරකට ඉතිරිකරගත හැකි බව ද විදුලිබල මණ්ඩලය පවසයි. 



අදහස් (5)

සමනළවැවේ කාන්දු වහන්න කෝටි 10ක වියදමක්

Pradeep Kumara Thursday, 14 September 2023 04:26 PM

ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මකවන සමයේදී ලාංකික ඉංජිනේරුවන්ගේ මතය වුනේ බැම්මේ ජල කාන්දුවීම් ඇතිවිය හැකි බවයි. නමුත් ඔවුන්ගේ මතය පසෙක ලා කටයුතු කිරීම නිසා දැන් ඇතිවී තිබෙන තත්වය පේනවාද? නමුත් අවම තරමින් දැන්වත් මෙය නතර කලහොත් මේ ගණනය කිරීම් වලට අනුව විශාල ඉතිරියක් කල හැකියි. වසරකට රුපියල් කෝටි 200ක් ඉතිරි කලහැකි නම් විදුලි පාරිභෝගිකයින්ටත් යම් සහනයක් ලබා දිය හැකියි.

:       0       8

Sampath Abeygunasekara Thursday, 14 September 2023 06:09 PM

මේ වගේ භූ පැලිමක් වැහුවත් ජලය පිරවීමෙන් පසු වෙනත් තැනකින් කාන්දු වීමට හෝ බෙදී යාමට පුළුවන්. මොකද භූමියේ ඇති හුණුගල් සහිත ස්ථරය නිසා ඒ සම්බන්ධවත් අවධානය යොමුකළ යුතුයි.

:       0       4

Mh Mohan Thursday, 14 September 2023 06:25 PM

ඕක හදපු අයගෙන් අයකර ගන්න බැරිද?

:       5       0

අරවින්ද මොනරවිල Thursday, 14 September 2023 08:42 PM

සමනළ වැව හැදුව දා ඉඳලා වරින්වර ජලය කාන්දුවන බව වාර්තා වෙනවා... ඒ කියන්නේ නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව දේශපාලන වාසි හා කොමිස් කුටිටිවලට කෙරුව වැඩක් බව දැන් සනාථ වෙනවා. ඒ වගේම දැන් බොහෝම ලස්සනට ගණන් හිලව් හදලා පෙන්නුවාට ඔය කියන අලුත්වැඩියාවේ සාර්ථකත්වයේ ප්‍රතිශතය කොතරම්ද කියලා ඔය කවුරුවත් කියන්නේ නැහැ නේද?

:       0       0

Bunny Preena Friday, 15 September 2023 10:19 AM

ලිබියාවෙ සිදු උනාවගෙ මහ විනාශයක් සිදු වෙන්ට පෙර මෙම කරුනට ප්‍රමුකත්වය දීල ජල කාන්ඩුව වහල දැම්මොත් හොඳයි. අහිංසක ජීවිත, ගෙවල් දොරවල් සහ දේපොල විශාල ප්‍රමානයක් ආරක්ශා කර ගත හැකි වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site