(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමනල වැව ජලාශයේ ජලකාන්දුව පිළිසකර කිරීමෙන් නැවැත්විය නොහැකි බව ශ්‍රී ලංකා එනර්ජි පෞද්ගලික සමාගමේ ප්‍රධානීහු බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන්හ.
එහි කාන්දුව වැළැක්වීමට විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවත් ඉන් කිසිදු හෝ ප්‍රතිඵලයක් ලබාගත නොහැකිවී ඇති බව පැවසූ එම නිලධාරිහු ජල කාන්දුව වැලැක්වීමේ මුවාවෙන් යම් ව්‍යාපාරයක් අභ්‍යන්තරයෙන් ක්‍රියාත්මක වන බවද පෙන්වා දෙති.
බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 20 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය
සුහුරු විදුලි මීටර ලබා ගත් විදුලි පාරිභෝගයකයන්ගේ විදුලි සබඳතා විසන්ධි කෙරෙන අවස්ථාවන්හිදී සබඳතා නැවත ලබාදීමේදී කිසිදු මුදලක් අය නොකරන ලෙස කාරක සභාව නිලධාරීන්ටනිර්දේශ කළේය.
සූහුරු විදුලි මීටර ලබා ගත් පාරිභෝගිකයන් හැටදහසක් පමණ රටේ සිටින බවත් මේ වසරේ තවත් සුහුරු විදුලිමීටර තිස් දාහක් සවිකිරීමට අපේක්ෂා කරන බවත් නිලධාරීහු දැනුම් දුන්හ.
මේ අතර කලාපයේ යම් අයුරකින් න්‍යෂ්ටික ප්‍රහාරයක් ඇති වුවහොත් ඉන් ඇතිවන විකිරණශීලීත්වයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් බව පරමාණු බලශක්ති නියාමන සභාවේ නිලධාරීහු ප්‍රකාශ කළහ.
ඒ සඳහා අවශ්‍ය මානව සම්පත මෙන්ම අවශ්‍ය උපකරණද තමන් සතුව පවතින බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’සමනල වැවේ ජලකාන්දුව හදන්න බැහැ’’
ප්‍රසන්න බංඩාර Friday, 23 February 2024 12:08 PM
කොහොමද හිනාවෙන්නේ නැතිව ඉන්නේ?
ලුම්බිණි Friday, 23 February 2024 02:08 PM
සමනල වැවේ ජලකාන්දුව හදන්න බැහැ. ඒත් න්‍යෂ්ටික ප්‍රහාරයක් ඇති වුවහොත් ඒකට මුහුණ දෙන්න පුළුවන්...!
ravin Friday, 23 February 2024 02:25 PM
ඔය කියන කාරක සභාවේ ඉන්න උදවියගේ නම් හා අධ්‍යාපන සුදුසුකම් පලකරන්නකෝ. කොමිස් පප්පන්ට ඕක බැරිවුණාට ඉදිරි අනාගතයේදී වගකීම ගන්න ඉන්න අයට ඔය වැඩේ පුළුවන්. ලංකාවේ තියෙන විශ්ව විද්‍යාල වලට වැඩේ බාරදෙන්න. තරුණ ඉන්ජිනේරුවරු යස අගේට පිළිතුරක් හොයාගන්න බව පොදුජන විශ්වාසයයි.