(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ ආර්ථික න්‍යාය පත්‍රය අත්වැල් බැඳගෙන ඉදිරියට ගමන් කළයුතු බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සඳහා එක්සත් ජනපදය ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කර දීමට සහතික වන බව ද සමන්තා පවර් මහත්මිය කීවාය .
වත්මන් ආර්ථික අභියෝගය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කර ගනිමින්, යළි ගොඩනැගීමට එක්සත් ජනපදයේ සහාය තවදුරටත් ලබා දෙන බව සමන්තා පවර් මහත්මිය සහතික වූවාය.
තවත් ඩොලර් මිලියන 60ක ආධාර ශ්‍රී ලංකාවට පිරිනැමීමට කටයුතු කරන බව සඳහන් කළ සමන්තා පවර් මහත්මිය රට මුහුණ දී ඇති අභියෝග පිළිබඳ සසඳා බලන විට එය ඉතා කුඩා ආධාරයක් බව කීවාය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද මුණගැසුණු අවස්ථාවේ දී සමන්තා පවර් මහත්මිය මේ බව කීවාය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සමන්තා පවර්ගෙන් ලංකාවට හොඳ සහතිකයක්
Nisen Monday, 12 September 2022 12:31 AM
හැබැයි නෝනේ මෙහෙමයි. චීනෙත් අපිට ඔය වගේ පොඩි පොඩි ආධාර නම් කරා ඉතින්. ඔයිට පොඩ්ඩක් වැඩිත් වගේ වෙන්න.
SanthuMonday, 12 September 2022 02:27 AM
ඔව්, ඒවා වාෂ්ප වෙලා ගිහින්ද කොහෙද.. ඔබතුමිය (ල) ට ක්‍රමයක් තියෙද, දෙන මිලියන 60ක ආධාරය, කෙසේ පරිභෝඡනය කලාද යන්න නැවත වසරකින් වගේ පැමින අය වැය වාර්තාවක් විමසන්න.
de silva Monday, 12 September 2022 04:13 AM
හොඳට හිටිය අපිව කන්න නැති හිඟන්න බවට පත් කරලා. මේ හොර කල්ලියට මොන සහතිකද නෝනෙ.
Perera Monday, 12 September 2022 05:57 AM
ඔය ආධාරවලින් කීයක් සැබවින්ම ලැබිය යුත්තන්ට යයිද කියලයි ප්‍රශ්නේ..!
පිටිගල මිලානෝ Monday, 12 September 2022 11:41 AM
සහතිකේ මයිනන් සහ කපුටන් හිරේ නොදා බේරාගත්තු එකටද?
chandima Monday, 12 September 2022 08:31 PM
අපේ ජනාධිපති තුමන්ට හම්බවෙන්නෙ සහතික විතරයි. කලින් වතාවෙත උපාධි සහතිකයක් දුන්නා වෙන රටකින්. වෙන නම් දීපු දෙයක් නැහැ.