IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සමෘද්ධි බැංකුවල කෝටි 23ක වංචාවක් විගණනයේදි හෙළිවේ

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

සමෘද්ධි බැංකු සහ බැංකු සමිතිවල  සිදුවී ඇතැයි පැවසෙන වංචා 107 කින්  කෝටි විසි තුනකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මේ වසරේ අප්‍රේල් මස 21දා විගණනයට ඉදිරිපත් කෙරුණු වාර්තා අනුව 2014 - 18 කාල පරිච්ඡේදයේදී සිදුව ඇතැයි කියන  වංචා 15 කින්  රුපියල් කෝටි හයකට වැඩි මුදලක්ද 2019 සිට 2023 පෙබරවාරි දක්වා සිදුවී ඇතැයි කියන වංචා  92 කින්  රුපියල් කෝටි 17ට වැඩි මුදලක්ද පාඩු වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

ගනුදෙනුකරුවන්ගේ කටයුතු අතින්  කිරීමේදී  සිතාමතාම කරන වැරදි සහ මූල්‍ය වංචා අවම කර කරගැනීමට අපේක්ෂා කළද  එම වංචාවල අඩුවක්වී නැතැයි එම වාර්තාවේ දැක්වේ.

දෙපාර්තමේන්තුවට මෘදුකාංගයක් මිලදී ගැනීම ඇතුළුව ඊ පුවත්පත එළිදැක්වීම සඳහා රුපියල් ලක්ෂ 77 කට වැඩි මුදලක් වියදම් කර  ඇතත් ඉන් සාර්ථක ප්‍රතිඵල අත්ව නැතැයි පවසන විගණන වාර්තාව ඊ පුවත්පත  පරිශීලනය කරන සංඛ්‍යාව 56234 ක් ලෙස පැවතුණු බවද  සඳහන් කළේය.

ඊ පුවත්පත දුරකථන යෙදවුම  භාවිතා කරන ප්‍රමාණය 21565 ක්වූ අතර එය මුළු සමෘද්ධිලාභීන්ගෙන් සියයට හතරක් ලෙස පහළ මට්ටමක පැවතුණු බවද  වාර්තාව සඳහන් කරයි.

මේ අතර සුව බොජුන් හල් හතරක් ඉදිරි කිරීම සඳහා 2020 හා 2021 වර්ෂවලදී  රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වැය කර ඇතත් මේ වසරේ මාර්තු දක්වාම එම  අලෙවිහල් විවෘත කිරීමට නොහැකිව තිබූ බවද  විගණන වාර්තාව සඳහන් කළේය.

මේ තොරතුරු සඳහන් වන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා  ඉදිරිපත් කෙරිණ.



අදහස් (2)

සමෘද්ධි බැංකුවල කෝටි 23ක වංචාවක් විගණනයේදි හෙළිවේ

Lalla Saturday, 23 September 2023 10:55 PM

බදු ගෙවන්නන්ගේ මහන්සිය කොල්ල කා නිකමුන්ට දීලා ඒවාත් ගසාකෑමට දෙනවා කියන්නේ මොන නින්දාවක්ද..? සමෘද්ධිය අස්වැසුම නවතා දැම්ම එකම විසඳුම...

:       0       0

පැරකුම් Sunday, 24 September 2023 06:21 AM

නිකං කියවනවා විතරයි... මෙච්චර කාලෙකට වැරැදි කරන අයට දඬුවමක් දීලත් නෑ. දෙන්නෙත් නෑ. අපි නිකං ලේ පුච්ච ගන්නවා විතරයි. ඕවා නවත්තලා තමුන්ගේ වැඩක් බලාගත්තා නම් නරකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site