
(සුජිත් හේවාජුලිගේ)
සමෘද්ධිලාභීන්ගේ අනිවාර්ය ඉතුරුම් ගිණුමවල පවතින රුපියල් කෝටි 5359 කට වැඩි මුදලක් රජයේ විවිධ අවශ්‍යතා සඳහා ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මෙම මුදලින් රුපියල් කෝටි 5329ක් (පොලී සහිතව) 2022 වසරේදී තවදුරටත් අයවීමට තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
මේ අතර ප්‍රතිලාභීන්ට සහනාධාර ගෙවීම් කිරීමෙන් පසු ඉතිරි වූ රුපියල් කෝටි 17 ක මුදලක් 2022 වර්ෂයේ දෙසැම්බර් 31 වනවිටත් අරමුදල වෙත නිදහස් නොකර පොදු තැන්පත් ගිණුමේ රඳවා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
වසර 2 කට වඩා පැරැණි අය විය යුතු ණය ශේෂ වලින් 2022 වර්ෂයේදී අය කරගෙන තිබුණේ රුපියල් ලක්ෂ පහක් පමණක් බවද වාර්තාවේ දැක්වේ.
නිලධාරීන් පිරිසකට රැපියල් දෙලක්ෂ පනස් දහස බැගින් ආපදා ණය ලබාදී තිබුණද වාරික කිසිවක් අය කරගෙන නොතිබූ බව එම කාර්යාලය පවසයි.
මේ තොරතුරු සඳහන් වන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
104
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමෘද්ධියේ කෝටි 5359ක් රජයේ වැඩවලට අරන්
Rata Perata Saturday, 04 November 2023 05:08 PM
තවමත් මොවුන්ට කඩේ යන අය ඉන්නවා නම්, ඔවුන් බත්කන හරක්ම වෙන්න ඕනෑ...