IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සමෘද්ධියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

 

(නිමන්ති රණසිංහ)

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කෙරුණු සී.ඩී.කළුආරච්චි මහතා සෙත්සිරිපායේ පිහිටි එම දෙපාර්තමේන්තුවේදී ඊයේ (2) පෙරවරුවේ වැඩ බාර ගත්තේය.

ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා වශයෙන්ද ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු වශයෙන්ද ග්‍රාම ශක්ති වැඩසටහනේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සමාජ සංවර්ධන) වශයෙන් හා සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වරයකු වශයෙන්ද මෙයට පෙර කටයුතු කළ කළුආරච්චි මහතා පරිපාලන සේවයේ අත්දැකීම් රැසක් ඇති නිලධාරියෙකි.

ඔහු කළුබෝවිල මහා විද්‍යාලය, වත්තේගම මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලයන්හි ආදි ශිෂ්‍යයකු වන අතර කොළඹ සහ කැලණිය විශ්ව විද්‍යාලවලින් උසස් අධ්‍යාපනය හදාරා ඇත.

මෙම අවස්ථාවට සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් යමුනා පෙරේරා මහත්මිය ඇතුළු අමාත්‍යංශ නිලධාරීන්ද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක්ද සහභාගි වූහ.

 



අදහස් (0)

සමෘද්ධියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site