IMG-LOGO

සමෘද්ධියට කෝටි හාර දාහකට පොල්ලක්

(සුජිත් හේවාජුලිගේ)

රජයේ කටයුතු සඳහා සමෘද්ධි අරමුදල්වලින් ලබාගෙන ඇති රුපියල් කෝටි 4765ක් සමෘද්ධි බැංකුවලට ආපසු ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

රජයේ කටයුතු සඳහා මෙම මුදල් 2004 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා අවස්ථා හයකදී ලබාගෙන ඇත්තේ මහ භාණ්ඩාගාරයේ එකඟතාවය අනුව බවද එම වාර්තාවේ දැක්වේ. සමෘද්ධි ප්‍රතිලාභීන්ට ගෙවනු ලබන සහනාධාර මුදලින් ඇතිකරගත් අරමුදල් සහ අනිවාර්ය ඉතුරුම්වලින් රජය මෙම මුදල ලබාගෙන ඇතැයි පැවසෙයි.

මේ අතර සමෘද්ධි සහනාධාර වෙනුවෙන් රජය 2013 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා වසර නවයක කාලපරිච්ඡේදය තුළ රුපියල් කෝටි තිස් තුන් දහස් හත්සිය හැට හතරක් වැයකර ඇතැයි විගණන නිලධාරීහු පෙන්වා දෙති.



අදහස් (4)

සමෘද්ධියට කෝටි හාර දාහකට පොල්ලක්

ranjith Saturday, 04 March 2023 11:37 AM

සමෘද්ධි ලබන්නන් නගාසිටුවන එක නෙවෙයි මේ රටේ පාලකයෝ කරන්නේ. එම අරමුදල් කාබාසිනියා කරනවා. මේ කෝටි 4000න් ගාමන්ට් කීපයක් හදලා සමෘද්ධි පවුල් වල දරුවන්ට රැකියා දුන්නා නම් එම අයගේ ආර්ථිකයත් දියුණු වෙනවා. ඩොලර් රටට එන එකත් වෙනවා. මේ කාපාලු පාලකයන්ගේ හොරකම විතරයි..

:       0       0

නිමල් Saturday, 04 March 2023 11:39 AM

අනේ මෙහෙම රජපොලු ආණ්ඩු. පිටරට්ටු කියන්නේ ආණ්ඩුව ආදායමත් හරියට එකතු කර ගන්නෑ කියලා...!

:       0       0

ravin Saturday, 04 March 2023 03:26 PM

අනේ මන්දා... ආරංචියක් තියෙනවා හිටපු, නැවත එන්න වලිකන කෙනෙක් එකවගේ ගෙවල් තුනක් හදලාලු... නගර තුනක. නරකද ඇන්ටනාව ඒ පැත්තට හැරෙව්වොත්...?

:       0       0

Lalla Saturday, 04 March 2023 06:27 PM

සමෘද්ධිය කියන්නේ මහජන බදු මුදල් නිකමුන්ට ඡන්ද බලාගෙන බෙදීම... ඕක නවතා මිනිස්සු නිකමුන්වීම නවත්තන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 331 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 500 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 198 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site