IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


සුමිත්‍රා රාජ්‍ය ගෞරව සහිතව දැයට සමුදෙයි

(ඩයනා උදයංගනී)

සිංහල සිනමාවේ කිවිඳිය යන විරුදාවලිය ලත්, ප්‍රවීණ සිනමාවේදිනී අභාවප්‍රාප්ත ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේ දී අද (21) පස්වරුවේ සිදුකෙරිණි.

සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය අවසන් ගෞරව සඳහා කොළඹ 05, තිඹිරිගස්යාය, ගවර්ස් පටුමගේ, අංක 15/2, ලිපිනයේ පිහිටි ඇයගේ සොහොයුරියගේ නිවසේ තැන්පත් කර තිබූ අතර අද දින එය රථ පෙරහැරකින් ජාතික චිත්‍රපට සංස්ථාව දක්වාත්, එතැන් සිට නිදහස් චතුරස්‍රයටත් රැගෙන එනු ලැබිණි.

ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන, මහාචාර්ය සුනිල් ආරියරත්න යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන්, කලාකරුවන්, විද්වතුන් ආදී විශාල පිරිසක් පැමිණ සිටියහ.

ලාංකීය සිනමාවේ ප්‍රගමනයට අමිල දායකත්වයක් ලබාදුන් සුමිත්‍රා පීරිස් මහත්මිය දෙස් විදෙස් සම්මානලාභී සිනමා අධ්‍යක්‍ෂවරියක හා සංස්කාරකවරියක වූවාය.

ලෝක පූජිත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිය වූ සුමිත්‍රා පීරිස් මහත්මිය මෙරට සිනමාවේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්‍ෂවරිය ද වන්නීය.

ආචාර්ය ලෙස්ටර් සූරීන්ගේ ”සංදේශය” චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂිකාව ලෙසින් 1960 වසරේ දී සිනමාවට පිවිසි ඇය ඉන්පසු සිනමා අධ්‍යක්‍ෂවරියක ලෙසින් මෙරට සිනමා ක්‍ෂේත්‍රය වෙනුවෙන් අද්විතීය මෙහෙවරක් ඉටුකළාය.

“ගැහැණු ළමයි” චිත්‍රපටයෙන් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි ඇය ඉන් අනතුරුව “ගඟ අද්දර”, “යහලු යෙහෙලි”, “මායා”, “සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා”, “ලොකු දුව”, “දුවට මවක මිස”, “සක්මන් මළුව”, “යහලුවෝ”, “වෛෂ්ණාවී” ආදී චිත්‍රපට රැසක් අධ්‍යක්‍ෂණය කරමින් සරසවිය, ජනාධිපති සම්මාන, සිග්නීස් ආදී මෙරට සිනමා සම්මාන උළෙලවලදී මෙන්ම ලන්ඩන් සිනමා උළෙල, ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙල, මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙල, ආදී ජාත්‍යන්තර සිනමා උළෙලවලදී ද සම්මාන රැසකගෙන් පිදුම් ලැබුවාය.

අද දින ඇය දැයෙන් සමුගත්තේ කලාකරුවන් මෙන්ම මෙරට සිනමාලෝලීන්ගේ සෝ සුසුම් මධ්‍යයේය.

(ශාන්ත රත්නායක)

 

 



අදහස් (5)

සුමිත්‍රා රාජ්‍ය ගෞරව සහිතව දැයට සමුදෙයි

Kumara Saturday, 21 January 2023 09:53 PM

ඔබට නිවන් සුව!

:       0       10

පිටිගල මිලානෝ Saturday, 21 January 2023 11:20 PM

අතීතයේ මායා…. රූ කැඩී බිදී යාවී…. අනාථවූ මා දෑසේ…. කතා නිමා වේවී…. මගේ කදුළු හංගා…. මා සිනා සිසී ඉන්නේ….. ඔබේ ලොවේ හිරු පායා….. සදා සිනාසේවා…..! ශුභ ගමන් මැතිනිය….!

:       1       10

විජිත් Sunday, 22 January 2023 01:23 AM

ගරු මැතිනියනි ..."... සදා මේ සංසාරයේ අපේ හමුවීම නොවේ.." මන්ද යත්...ඔබ තුමිය නිවන් දැක අවසාන නිසයි.ශ්‍රී ලංකික චිත්‍රපට මාධ්‍ය වෙනුවෙන් ඔබත් ලෙස්ටර් මහත්මයත් කල අනුපම මෙහෙවර වෙනුවෙන් "ස්තුතියි " කීම හැර වෙන කුමක් කරන්නද...?

:       0       3

Mala Sunday, 22 January 2023 08:06 AM

ස්ටීවන් ස්පීල්බර්ග් මියැදි දිනයක ඔහුගෙ මලගම නිව්‍ යෝක්හි ටය්ම් චතුරස්‍රයේ තිබේද​?

:       4       1

Nimnada Sunday, 22 January 2023 09:39 AM

නිවන් සුව ලැබේවා ....!!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site