IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සමාජ පෙරළියකට සියල්ල සූදානම්

(මුදිතා දයානන්ද)

ආණ්ඩු මාරු වූ පමණින් සමාජ පෙරළි සිදුවන්නේ නෑ. දැන් ජනතාවට අවශ්‍ය ආණ්ඩු මාරුවක් නොව සමාජ පරිවර්තනයක් යැයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා  දෙහිවලදී පැවසීය.

ඔහු මේ බව පැවසූවේ ජාතික ජන බලවේගයේ දෙහිවල ආසන සමුළුවට සහභාගි වෙමිනි.

ඒ කාලේ මතයක් තිබුණා රනිල් බටහිර ගැතියි. මහින්ද දේශප්‍රේමීයි කියලා. දෙන්න වේදිකා දෙකට ගොඩවෙලා කඩු අමෝරාගෙන සටනට කැඳෙව්වා. ඒත් එයාලගේ කඩුව කඩදාසි කියලා ජනතාව එදා දැනගෙන හිටියේ නෑ. ඒ නිසා බිම් මට්ටමේ ජනතාව දෙපිල බෙදිලා ගහමරා ගත්තා. දැන් ඒ ඒ දෙන්නම ඉන්නේ එකම වේදිකාවේ. එයා මෙයා වෙනුවෙන් පෙනී ඉන්නවා. මෙයා එයා වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒත් එහෙම ආණ්ඩුවලින් සමාජ පෙරළි සිදුවන්නේ නෑ. දැන් ජනතාවට අවශ්‍ය ආණ්ඩු මාරුවක් නොව සමාජ පරිවර්තනයක්.

සමාජ පරිවර්තනයක් සිදු වන්නේ සියවස් ගණනාවකට පස්සේ. ඒකට තත්ත්වයන් මෝරා යන්න ඕන. එක පැත්තකින් පාලකයන්ට තවදුරටත් තමන්ට සුපුරුදු පරිදි පාලනය ගෙනියන්න බැරි වෙන්න ඕන. දැන් ඒක සිදුවෙලා තිබෙන්නේ. තව පැත්තකින් ජනතාවට සුපුරුදු පරිදි ජීවත් වෙන්න බැරි වෙන්න ඕනෑ. දැන් ඒකත් සිද්ධවෙලා තියෙන්නේ. ඒ නිසා සමාජ පරිවර්තනය සඳහා හැම පැත්තකින්ම තත්ත්වය සූදානම්. ඒ නිසා එවැනි සමාජ පරිවර්තනයක් සඳහා ජාතික ජන බලවේගය සූදානම්.

මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නෑ. රස්සාවක් නෑ. රස්සාවක් තියෙන කෙනාට හරිහමන් වැටුපක් නෑ. තිබෙන වැටුපෙන් ජීවත් වෙන්න විදිහක් නෑ. ගොවිතැනක් කරගන්න විදිහක් නෑ. කර්මාන්තයක් කරගන්න විදිහක් නෑ. දරුවෙකුටවත් පාරේ බැහැලා යන්න පුළුවන් තත්ත්වයක් නෑ. ඔවුන්ට සමාජ ආරක්ෂාවක් නෑ. මානුෂීය බැඳීම්වලින් මිනිස්සු ඈත් වෙලා තෙතමනයක් නැති සමාජයක් බවට සමාජය පත් කරලා. ඒ නිසා මේක වෙනස් කළ යුතුමයි කියන අධිෂ්ඨානයට අද සමාජයේ බහුතරයක් දෙනා එළැඹිලා අවසන්.

මෙම ආසන සමුළුවේදී දෙහිවල-ගල්කිස්ස හිටපු නාගරික මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ, නීතිඥ හර්ෂණ නානායක්කාර, මුනීර් මුලෆ්ෆර් මවුලවිතුමා ඇතුළු කතිකයෝ රැසක් අදහස් දැක්වූහ. එම අවස්ථාවට විශාල ජනතාවක් එක්ව සිටියහ.



අදහස් (12)

සමාජ පෙරළියකට සියල්ල සූදානම්

සාලිය Sunday, 03 December 2023 09:42 PM

මුන් ඔක්කොම තමන්, තම පක්ශය බලයට ගෙන් ඒම ට සියලු ක්රම හා විධි පාවිච්චි කරනවා.. අතීතයේ කල කී දැ වලින් පැහදිලියි. අරූ හොරා.. මූ හොරා.. අපේ එකා ආවාම උන් හිරේ දාලා රට හදයි... මේ තමයි අපේ ඔලු වල තිබෙන්නේ. මොකෙක් ගෙන් ගෙන් වත් අපිට හොඳක් වෙන්නේ නැහැ. කියන දේවල් කරන්නෙත් නැහැ, හැකි විදිහට රටට යමක් කරන්න. පක්ශ භේද නැතුව​ රට වෙනුවෙන් කවුරුත් එකතු වෙන්න. මේක ඔලුවලට දාන්න පුලුවන් නම් එදාට සමාජ පෙරලිය වේවි.

:       5       7

රනේ Sunday, 03 December 2023 09:45 PM

අපිත් සූදානම්!

:       3       9

තරස්තයා Sunday, 03 December 2023 10:21 PM

කොමුනිස්ට් පෙරලියක්ද ? දැන් නම් අල බතලත් වැවෙන්නේ නැහැනේ කන්න .

:       4       4

සෙනෙවිරත්න Sunday, 03 December 2023 11:32 PM

ඔව් ජනතාව අලුත් විදියට හිතනව. හැමදාම ජාතිය ආගමට සහ සුදු ඇඳගත් කලු හිවලුනට රැවටෙන්නෙ නැහැ.

:       6       9

Bamunuarachchi Wednesday, 06 December 2023 08:53 AM

ජනතාව ජෙප්පන්ට රැවටෙන්නේ නැහැ කියලා අවුරුදු 58 ඔප්පු කලා සෙනවිරත්න.

:       1       1

රංබොඩ Monday, 04 December 2023 12:25 AM

මොන සමාජ පෙරළිද. ⁣කෙබර බානවා වගේ නෙවෙයි වගකීමක් ගත්තම. ඒක කරගන්න බෑ. චන්ද්‍රිකා මහත්මිය ජනාධිපති වුණාම හොඳම ඇමති කම් 4 ක් ලැබුණා. කරපු කිසිම දෙයක් නෑ. නිතකම් කටේ නරිවාදන්.

:       12       7

Lal Monday, 04 December 2023 06:46 AM

මොකෝ ආයෙත් මිනී මරන්නද හදන්නේ..?

:       12       5

Prabath Monday, 04 December 2023 09:27 AM

අනේ උඹලගෙ පෙරළිය. 71, 87, 88, 89, 2022/23 පෙරළියෙන් මැරුණ මිනිස්සු ප්‍රමාණය . රට පස්සට ගිය අවුරුදු ගාන සහ දේපල හානිය ගෙවල ඉවර වෙලා අයෙ පටන් ගනිල්ල සුපුරුදු පෙරලිය.

:       11       3

Asanga thiththagalla gamage Monday, 04 December 2023 09:50 AM

මුන් කෝමත් පෙරලි කාරයෝ

:       58       11

Lal Monday, 04 December 2023 10:22 AM

ආයෙත් තුවක්කු ගන්න ද හදන්නේ ?

:       11       6

HELYA Monday, 04 December 2023 11:50 AM

චන්ද්‍රිකා එක්ක ඇමතිකම් අරන් යහපාලානේ කාලේ අරලියගහ මන්දිරේ ලැග ගෙන සමාජ පෙරලියක් කරාද ?දැන් කරන්න යන්නේ හිටගෙනද ?

:       11       8

Ruwan Tuesday, 05 December 2023 08:32 AM

අනිවාර්යෙන්ම ....අපි පවුල් පිටින් මෙර් ගමන මඩ්ලිමාවට ....රනිල් රාජපක්ශ කල්ලියේ ....දුක වේදනාව අදෝනාව පේනවා ....comment වල්න් ...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site