IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සමාජ ආරක්ෂණ බදු පනතට සංශෝධන

(ඩයනා උදයංගනී)

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධනය කිරීමට අමාතඨ මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

සමහර ආයතන හා පුද්ගලයන් එම බද්දෙන් නිදහස් කිරීමට හැකි පරිදි මෙම සංශෝධනය සිදුකිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත යටතේ වාර්ෂික බදු අය කළ හැකි පිරිවැටුම රුපියල් මිලියන 120ක් ඉක්මවන පුද්ගලයින් මත සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්දක් පනවා ඇති අතර, ඇතැම් අපනයන කර්මාන්තකරුවන්ට හා ඉතා කුඩා ලාභාන්තිකයක් සහිතව විදේශ විනිමය උපයන අයට මෙමගින් ව්‍යවසායක කටයුතු පවත්වාගෙන යා නොහැකි තත්වයක් මතුව ඇති බව මුදල් අමාත්‍යාංශයට වාර්තා වී ඇති නිසා මෙම පියවර ගෙන ඇති බව ඇමතිවරයා සඳහන් කළේය.

එවැනි අංශ ගැන අධ්‍යයනය කර පනත් කෙටුම්පතේ බදු ඉවත් කිරීම සඳහා 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීමට මෙහිදී අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා කීවේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. 



අදහස් (0)

සමාජ ආරක්ෂණ බදු පනතට සංශෝධන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site