IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සමගි ජන සන්ධානයට තවත් පක්ෂ 27ක්

 (නිමල කොඩිතුවක්කු)

තවත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 27ක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන සන්ධානය සමග කොළඹදී අද(13) සන්ධාන ගතවිය.

මානුෂීය ජනතා සන්ධානය නියෝජනය කරන එක්සත් ලංකා පොදු ජන පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය, ජාතික කොංග්‍රසය ඇතුළු පක්ෂ සහ සංවිධාන 27ක් මෙහිදී සන්ධාන ගතවිය.

ඉදිරි ජනාධිපතිවරනයේදී සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළකිරීමේ අරමුණින් ඔවුන් මෙලෙස සන්ධාන ගතවිය.

සමගි ජන බලවේගය ප්‍රමුඛ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10 කට අධික සංඛ්‍යාවකින් යුත් සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොලඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පසුගියදා එළි දැක්විණ.

ජාතික නිදහස සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ශය  සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දමිළ ප්‍රගතිශීලී සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ, පුරවැසි බහුජන ව්‍යාපාරය ඇතුළු පක්ෂ සහ සංවිධානය කිහිපයක් මේ වන විට සමගි ජන සන්ධානය නියෝජනය කරයි.



අදහස් (1)

සමගි ජන සන්ධානයට තවත් පක්ෂ 27ක්

chandima Tuesday, 13 August 2024 09:30 PM

මම නම් හිතන්නේ රාජපක්ෂ රනිල්ගේ ගැටේට අහුවුණා. අන්තිම මොහොතේ රනිල් නාම යෝජනා නොදී උන්නාම සජිත්ට ඉබේම ජය ලැබෙනවා. රාජපක්ෂලා කුජීත වෙනවා. සජිත් කියන්නේ රනිල්ගේ පක්ෂයේ උපනායකයා. කට්ටියම පස්සේ එකට එකතු වෙයි. රාජපක්ෂලාට හුළන් තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site