IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සාමකාමී උද්ඝෝෂකයන්ට පහරදී ජාත්‍යන්තරය ඉදිරියේ රට අනතුරේ ඇමුවා

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්විමට තිබියදීද සාමකාමි උද්ඝෝෂකයන්ට පහර දිමෙන්  අපේ රට ජත්‍යන්තරය ඉදිරියේ අනතුරට ඇද දැමු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය.

මෙහි ප්‍රතිවිපාක ඉදිරියේදී රටටත් ජනතාවටත් භුක්ති විදීමට සිදුවනු ඇතැයි ද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

ලාබ ලබන ශ්‍රි ලංකා ටෙලිකොම් සහ රක්ශන සංස්ථාව පෞද්ගලීකරණයට විරෝධය පළ කරන බවත් විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා තවදුරටත් මෙසේ ද කීවේය.

"මේ රටේ සාමකාමී අරගලවලට ඇති අයිතිය ජාත්‍යන්තර නීතිය අනුව පිළිගැනීමක් තියෙනවා. 

පෙරේදා ලිප්ටන් වටරවුමේ සාමකාමී අරගලයක නිරත වෙච්ච අපේ දරුවන්ට පොලීසිය, ආරක්ෂක අංශ විසින් පහරදීමක් සිදු කළා. මේ ළමයින්ගේ ඉල්ලීම් වෙලා තියෙන්නේ විශ්වවිද්‍යාල විවෘත කරව්, බඩගින්න නැති කරව් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත දමව් මර්දනය නැති කරව් වැනි අපේ රටේ සියලු දෙනාටම බලපාන ප්‍රශ්නයි.

ජාත්‍යන්තර ආධාර ජාත්‍යන්තර උදව් අවශ්‍ය වකවානුවක මේ වගේ අහිංසක සාමකාමී විරෝධතා කරුවන්ට පහර දීම අපේ රට අනතුරේ දැමීමක්. ලබන මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ රැස්වෙනවා. එහි දැනටමත් අපට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාවක් සම්මත වුණා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට නිවැරදි කළ යුතු කරුණු දැමුවාට තවමත් කිසි දෙයක් සිදු වෙලා නැහැ. සැප්තැම්බර් මාසයේ පසුගිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ අඩංගු කරුණු වලට අමතරව මෑතකදී සිදු වෙච්ච පහරදීම් වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම වැනි කරුණු අඩංගු වෙනවා. අපේ රට මේ බංකොලොත් භාවයෙන් ගොඩ එන්න අපිට ජාත්‍යන්තර ආධාර උපකාර අවශ්‍යයි. මෙවැනි සිදුවීම් හරහා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමෙන් අපේ රටේ ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක් සිදුවෙනවා.

ඒ වගේම අද රාජ්‍ය ආයතන ප්රතිව්යුහගත කිරීම සම්බන්ධයෙන් රටේම සංවාදයක් ඇති වෙලා තිබෙනවා. රජය අති විශාල ලාභයක් ලබන ආයතන පවා පුද්ගලික අංශයට පැවරීමට යනවා උදාහරණයක් වශයෙන් රක්ෂණ සංස්ථාව ගිය වසරේ මිලියන 10741 ලාභයක් තිබුණා ටෙලිකොම් එක මිලියන දොළොස්දහස් ආසන්න ලාභයක් තිබුණා. මේ ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීමට කිසිම අවශ්‍යතාවයක් නෑ. 

එයාර් ලංකා සමාගමත් සමග මේ අයතන දෙකත් ප්‍රතිව්‍යුගත කරනවා කියලා රජයෙන් නිවේදනයක් මම දැක්කා. පාඩු ලබන ආයතන ගැන අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් ලාභ ලබන රක්ෂණ සංස්ථාව ටෙලිකොම් වැනි ආයතන පෞද්ගලික අංශයට දෙනවට අපි විරුද්ධයි.



අදහස් (6)

සාමකාමී උද්ඝෝෂකයන්ට පහරදී ජාත්‍යන්තරය ඉදිරියේ රට අනතුරේ ඇමුවා

Deepal Nirosh Sunday, 21 August 2022 10:59 AM

ඕවා ගෝඨභය මහත්තයගේ කාලෙ වෙච්ච දේවල්. දැන් උද්ඝෝෂණවලට පහර දුන්න කියල එච්චර අවුලක් නැහැ, බය වෙන්න එපා. දැන් උද්ඝෝෂණවලට පහර දෙන්න ඕන කෙකෙකුට පුළුවන්.

:       8       5

D P P Prasad Sunday, 21 August 2022 11:12 AM

රට ආර්ථික වශයෙන් උග්‍ර අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙන අවස්ථාවකදී එයින් මිදීම සදහා ජාත්‍යන්තර සංවිධාන හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යම් මුල්‍යමය ණය ආධාර මෙන්ම සහන ලබාදීමට ඉදිරිපත් වි ඇති අවස්ථාවක යම් මට්ටමකට හෝ මුලීක මානව අයිතිවාසිකම් වලට ගරුකරමින් මර්දනකාරී පිළිවෙත් අනුගමනය කිරීමෙන් වැළකීම රජය සතු යුතුකමකි. ජාත්‍යන්තරය සමග අමනාප වී කටයුතු කිරීම තුලින් තවදුරටත් රට අරාජකත්වය කරා ගමන්කරන අතර එසේ සිදුවීමෙන් සමස්ත රටවැසියාටම ඉදිරියේදි තවදුරටත් ආර්ථික හා සමාජිය වශයෙන් ගැටළු රාශියකට මුහුණ පැමට සිදුවේ.

:       8       6

fairoos Sunday, 21 August 2022 12:50 PM

රනිල්ගේ සිහිනය සැබැ වුණ රටට කෙල වුණත් කමක් නෑ.

:       5       1

BamunuarachchiMonday, 22 August 2022 08:05 AM

ඉතින් ඔහෙට තිබෙන අමාරුව මොකක්ද? අපිට පව් නොදී ආපු රටකට තොලොංචි වෙන්න.

:       0       0

ruwan Sunday, 21 August 2022 02:24 PM

මෙයාලට ගහලා මදි. රට මෙච්චර කෙලවෙලා තියෙද්දි තවත් කන්න හදනවා. සංචාරකයෝ එන එක නැති කලෙත් මෙයාලා.

:       0       6

Bamunuarachchi Monday, 22 August 2022 08:04 AM

ආ හලෝ ගිනිතැබීම්, මංකොල්ලකෑම්, මිනි මැරීම් හොරකම් සිදුකරපු උද්ගෝෂණයක් කොහොමද සාමකාමී වෙන්නේ. මේ හාදයට ඔල්මොරෝන්දම්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 437 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site