IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


සැබෑ නිදහස යනු පීඩනයෙන් තොරව ජීවත්වීමේ අයිතියයි


(යොහාන් භාසුර)
සැබෑ නිදහස යනු අප ජාතියේ ස්වෛරීත්වය පමණක් නොව ගෞරවාන්විතව, යුක්ති ගරුකව සහ පීඩනයකින් තොරව සෑම දෙනාටම ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම බවත් එසේම සැබෑ නිදහස තහවුරු කිරීමේදී වාර්ගික, ආගමික, කුල, ගෝත්‍ර, ස්ත්‍රී පුරුෂ හෝ පන්ති භේදයකින් තොරව සෑම දෙනාටම එකාමෙන් ජීවත්වීමේ පරිසරයක් තහවුරු කර දිය යුතුව ඇතර එවිට සමාජය තුළින්ම සාධාරණත්වය පිළිබිඹු වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය නිදහස් දින පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නීය.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ගොඩනැගීම, වචනයට පමණක් සීමා නොකර ක්‍රියාවෙන් පෙන්වා දිය යුතුව ඇති බව කියන අග්‍රාමාත්‍යවරිය ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව ආර්ථිකය නඟාසිටුවීමට මුල්තැන දෙමින් සියලුදෙනාගේම අදහස්වලට සවන් දෙමින් නිවැරදි තීරණ ගැනීමේ භාරදූර කාර්යය කළ යුතුව ඇති බවද සඳහන් කරන්නීය. සෑම දෙනාගේම අයිතිවාසිකම් රැකෙන පරිදි සහ වටිනාකමක් දැනෙන ලෙසට ජීවත් විය හැකි රටක් ගොඩනගන බවට පොරොන්දු වන බවත් මෙම ‍ඓතිහාසික දිනයේදී සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් කිරීමට සියලු දෙනා එකට අත්වැල් බැඳගනිමුයැයි ඉල්ලා සිටින බවද ඇය වැඩිදුරටත් සඳහන් කරන්නීය.


ආචාර්ය හරිනි අමරසූරිය.
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය



අදහස් (10)

සැබෑ නිදහස යනු පීඩනයෙන් තොරව ජීවත්වීමේ අයිතියයි

Ahmed (Gulf) Monday, 03 February 2025 12:54 PM

ජේසුස් වහන්සේගේ තේමාව එයයි.

:       6       3

රමා Monday, 03 February 2025 12:54 PM

ඔබලාගේ මේ ලස්සන වචන ක්‍රියාවෙනුත් ඔප්පු කරලා පෙන්වන්න. ඔබලා වේදිකාවල කිව්ව දෙයක් තමයි දේශපාලන පලිගැනීම් නොකරන බව. නිලධාරින්ට පලිගැනීම නොකරන බව... ඒ වගේම ඔබලා කිව්වා නිදහස් ස්වාධීන රාජ්‍ය සේවයන් ඇති කරනවා කියලා. ඒත් ඔබලාගේ මේ ප්‍රකාශ හිස් ප්‍රකාශ බවට පත්කරලා තියෙන්නේ ජනපති ලෙක්ම් කාර්යාලයේ ඉන්න පරිපාලන නිලධාරින් තුන් දෙනෙක් විසින්... ඔවුන් පහුගිය දවස්වල කරාලු අත්තනෝමතික මාරුවීම හුදෙක් පලිගැනීම සඳහා පමණක් මාරුවීම්. ඒවාට මුල් වුණු එක් අයෙක් මහින්දලා එක්ක හොඳට හොරා කාලා අන්තිම මාසේ ජවිපෙ වෙච්චි පොරක්. කාලයක් එයා පොළොන්නරුවේ දිසාපති වෙලා හිටියාලු... එයා දැන් පලි ගන්නවා... මහින්දලාගේ කාලෙත් අවංකව රාජකාරි කරපු නිලධාරින්ගෙන්... ඔයාලා ක්ලීන් කලේ හොඳටම ක්ලීන්, අවංක, නිලධාරින් කීප දෙනෙක්... අපිට හිතාගන්න බැහැ. මාලිමාව මේ නිලධාරින් කීප පොලකට මේ මාරුවීම් කරන්න දීපු එක ගැන. ඒ වගේම එවැනි ක්ලීන් අය ඉවත් කරලා දැම්මේත් පට්ට හොරුලු... එක් අයෙක් ජනපති ලේකම්ගේ නෑයෙක්ලු... කරුණාකරලා මේ වංක නිලධාරින් හඳුනා ගන්න. ඔවුන් සෑම රජයකම ඉහළ තනතුරු අරගෙන රැකුණු අය. අවංක අයට මාලිමාවෙනුත් ලැබුනේ පලිගැනිම් විතරයි. අතිශය කණගාටුයි...

:       6       18

යෝගා Monday, 03 February 2025 01:45 PM

බොරු කන්දක් කියලා රැවැට්ටුවාම ජනතාව පීඩනයට පත් වෙනවා. එහෙම කරපු පචයින් ටික අතුගෑවිලා යනකම් ඒ පීඩනය පවතිනවා. රටේ වී ගොවියන්ට වෙලා තියන දේ උදාහරණයක් විදියට ගන්න.

:       9       21

අයි.ජී.එල්.ජයවීර අම්බලන්ගොඩ Monday, 03 February 2025 01:48 PM

ඉතා උතුම් අදහසක්...!

:       10       12

wije Monday, 03 February 2025 02:02 PM

මව්බිම විනාශ කළ අමන තක්කඩි හොර නඩය හැරුණු කොට සාමාන්‍ය ජනයා ඉවසීමෙන් සහ බලාපොරොත්තුවෙන් සතුටින්... මගේ මව්බිමට ජයවේවා.

:       17       15

Awanka hora Monday, 03 February 2025 02:59 PM

විජේ අවුරුදු 76ක් ජෙප්පෝ හිටියේ? ඔක්කොම එකට කාලා බීලා අන්තිමට ජෙප්පො විතරක් මාර අවංක වුණා නේද? මාරයි හොඳේ...

:       4       9

fairoos Monday, 03 February 2025 03:27 PM

අපේ අලුත් ආණ්ඩුවට ජයවේවා... හොර නඩය අවුරුදු 77 ක් බංකොලොත් කරපු රට එන්පිපි එකෙන් විතරයි ගොඩගන්න පුළුවන්

:       13       11

Neel Tuesday, 04 February 2025 12:06 AM

අවුරුදු 76 ම. මේ රට පාලනය කලේ නිල් පාට කොල පාට සාටකේ කට්ටිය. ලෝකයෙන්ම උතුම්ම රට. අන්තිමට ලෝකයටම ණය කාරයේක් කරලා දැම්ම හෝද වේලාවට NPP ට බලය ලැබුණේ. මොනවා උනත් ශ්‍රී ලාංකික ජනතාව වාසනාවන්තයි. පොඩ්ඩක් ඉවසන්න පුරුදුවෙන්න. අවුරුදු 76 ම නෝකරපු දේවල් මාස දෙක තුනකට කරන්න බැහැ නේද. පාට කණ්නාඩි ගලවල බලන්න ඕන

:       1       0

ගුණරත්න Tuesday, 04 February 2025 07:27 AM

කයිය නම් තියෙනවා අඩු නැතිව, වැඩ බින්දුවයි. ලස්සන කතා ඇහුවට මිනිස්සුන්ට තියෙන පීඩනය අඩුවෙන්නේ නැහැ.

:       0       1

Harimanis Tuesday, 04 February 2025 11:57 AM

මම අද රට කනවා. හොඳට වාටි කරවෙච්ච අපායක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site