IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සොබාදනවි බලාගාරයට අති නවීන ටර්බයිනයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ස්වභාවික ද්‍රව වායු බලාගාරය (එල්.එන්.ජී) වන     ”සොබාදනවි බලාගාරය” කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය අති නවීන තාක්ෂණයෙන් යුත් ටර්බයිනය  කොළඹ වරායට රැගෙන ආ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

වසර ගණනාවකින් මෙරට කිසිඳු විදුලි ව්‍යාපෘතියක් අලූතින් ආරම්භ කර නැති අතර මෙගාවොට් 350 ක ධාරිතාවයකින් යුත් මෙම ස්වභාවික ද්‍රව වායු බලාගාරය මෙරට පවතින විදුලි අර්බුදයට දැවැන්ත විසඳුමක් වන අතර රටේ විදුලි කර්මාන්තය ලැබූ සුවිශේෂී ජයග‍්‍රහණයක් යැයිද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

ජර්මනියේ සුප‍්‍රසිද්ධ සිමන්ස් සමාගම නිෂ්පාදනය කළ මෙම ගෑස් ටර්බයිනය අතිනවීන තාක්ෂණයෙන් යුත් එකකැයිද විදුලිබල මණ්ඩලය පවසයි.

අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යාම අතිශය අභියෝගාත්මක වී ඇති අවස්ථාවක මෙගා වොට් 350 ක ධාරිතාවයෙන් යුතු සොබා දනවි විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු බාධක සහ අභියෝග මධ්‍යයේ  සිදුවන බව විදුලිබල මණ්ඩලයේ ප‍්‍රකාශකයෙක් පැවසුවේය.

දැනට, ශ‍්‍රී ලංකාවේ ඉදිවෙමින් පවතින එකම එල්.එන්.ජී බලාගාරය   ”සොබ දනවි විදුලි බලාගාරය”  වන අතර වසර කිහිපයකට පසු රට තුළ ඉදිකිරීම් ආරම්භ කළ එකම මහා පරිමාණ බලාගාරයද  වේ.

පළමු අදියර යටතේ මෙගාවොට් 220 ක් ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට නියමිත අතර දෙවන අදියර යටතේ තවත් මෙගා වොට් 130 ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිතය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 220 ක වටිනාකමින් යුත් ව්‍යාපෘතියේ මෙහෙයුම් සහ නඩත්තු කොන්ත‍්‍රාත්කරු ලක්දනවි සමාගම වන අතර සොබදනවි සමාගම ව්‍යාපෘතිය භාරව කටයුතු කරයි.

ලක්දනවි සමාගම ලංකා විදුලිබල මණ්ඩලයට කොටස් අයිතිය හිමි එල්.ටී.එල් සමූහ ව්‍යාපාරයට අයත් සමාගමකි.

එල්.ටී.එල් සමූහ ව්‍යාපාරය 1996 වසරේ සිට බංගලාදේශය, මාලදිවයින, නේපාලය වැනි රටවල විශාල පරිමාණයේ විදුලි ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන ශ‍්‍රී ලාංකීය සමාගමකි.



අදහස් (9)

සොබාදනවි බලාගාරයට අති නවීන ටර්බයිනයක්

දාස Sunday, 16 October 2022 04:58 PM

ආයි නෑ හොඳ ගාණක් කපාගෙන ඇති ඇමතියයි නිලධාරි රොත්තයි...

:       100       12

ravin Sunday, 16 October 2022 06:34 PM

ඔන්න දැන්මම වැඩ පටන් ගනියි. එල්.එන්.ජී. සැපයීමේ කොමිස් කාක්කන් ටික.. අන්තිමට පොදුජනයාට සහ විදුලිබල මණ්ඩලයට වෙන්නේ කොමිස් කාක්කන් නඩත්තු කරන එක...

:       64       12

sisiraSunday, 16 October 2022 06:54 PM

කුහක නොවී අනාවැකි නොකියා බලාගෙන ඉන්න... කොමිස් කාක්කන් ඉන්නවා නම් වාර්තා කරන්න.

:       11       45

ravinSunday, 16 October 2022 08:08 PM

කරුණාකර ප්‍රසිද්ධ පුවත්පත්වල පළවන විගණන වාර්තා සම්බන්ධ පුවත් කියවන්නකෝ. එතකොට දැනගත හැකිවේවි.. ඔය කියන කුහකත්වයේ තරම...

:       29       13

BamunuarachchiTuesday, 18 October 2022 07:22 PM

අපි පුවත් පත් කියවනවා නමුත් පුදපු ගමන් කාපී යකා කියන්නේ නැතුව. රටට වැඩදායි දෙයක් සිදුවෙන විට සුබවාදීව ඒ දිහා බලනවා. අපේ ජාතියට හරියන්නේ නැත්තේ ඔය නිසයි.

:       1       1

ganegoda Sunday, 16 October 2022 09:13 PM

මේකට අපි නම් කියන්නේ ‘‘රෙද්ද‘‘ කියලා..!

:       31       3

රටවැසියෙක් Monday, 17 October 2022 08:02 AM

කව්රු කෙරුවත් මේවා හොඳ වැඩ. හොඳ දේට හොඳයි කියන්න අපි නිහතමානී වෙමු.

:       2       7

චින්තක Monday, 17 October 2022 08:49 AM

සූර්ය ශක්තිය හා සුළං බලයෙන් විදුලිය නිපදවීම කරන්න පුළුවන් රටට ලංකාවෙ නැති ගල් අගුරු හා ගෑස් වලින් විදුලිය නිපදවීම කරන්නෙ මොකද කියලා තේරුම් ගන්න පුළුවන් පාලකයො රටේ නැද්ද .

:       1       11

sampath Wednesday, 19 October 2022 08:37 PM

ඉල්ලුමට සැපයුම ලබාදීමයි විදුලි බල මණ්ඩලය කරන මෝඩ වැඩේ පුද්ගලික අංශයට ඕනම ක්‍රමයකට නිපදවන විදුලිය ඕනෑම ගාණකට පුද්ගලික අංශයට ලබාගන්න ඉඩදෙන්න... එතකොට ගිවිසුම් ඇතිවෙන්නේ ගැණුම්කරු සහ විකුණුම්කරු අතර CEB එක transmission එක කරලා දීලා සේවා ගාස්තුවක් අයකරගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site