IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සාපෙළ පෙරහුරු විභාගය ප්‍රශ්ණ පත්‍ර කලින් පිටවෙලා

(ඉන්දික අරුණ කුමාර)

11 වසර ශ්‍රේණියේ සිසුනට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන අපොස සාමාන්‍ය පෙළ පෙරහුුරු විභාගයට අදාල විෂයන් කීපයක ප්‍රශ්න පත්‍ර  කල්තියා නිකුත්ව ඇතැයි ලංකා ගුරුසේවා සංගමයේ මධ්‍යම පළාත් ලේකම් ගමගෙදර දිසානායක මහතා පවසයි.

අපොස සාමාන්‍ය පෙළ පෙරහුරු පරීක්ෂණයට අදාල සිංහල,ගණිතය සහ ඉංග්‍රීසි  විෂයන්ට අදාල ප්‍රශ්න පත්‍රය මේ වන විට පිටවී ඇතැයි ද ඔහු පවසයි.

ඉංග්‍රීසි,ගණිතය සහ සිංහල

මේ මගින් මධ්‍යම පළාතේ එම ශ්‍රේණින්හි ඉගෙනුම ලබන දරුවන් විශාල පිරිසකට අසාධාරණයක් සිදුවනවා.

මෙවන් තීරණාත්මක විභාගයකදි පවා රහස්‍ය භාවය ආරක්ෂා කළ  නොහැකි නම් පළාතේ අධ්‍යාපනයේ තත්වය පිළිබඳ සැකසංකා මතුවීම නොවැළැක්විය හැකි තත්ත්වයක් ද බව ද හෙතෙම කියා සිටියේය.

මේ පිළිබඳ කඩිනමින් මැදිහත් වීමක් සිදුකොට අදාල බලධාරීන්  දරුවන්ට සිදුවන අපහසුතාවය මගහැරවිමට කටයුතු කළ යුතු බව ද ඔහු පවසයි.

 



අදහස් (2)

සාපෙළ පෙරහුරු විභාගය ප්‍රශ්ණ පත්‍ර කලින් පිටවෙලා

Wimal Monday, 13 March 2023 05:47 AM

ලෙඩාගෙ අම්මගෙන් මයි පේන අහන්නෙ.අධ්‍යාපනයේ තියෙන අර්බූදය මේ කවුරුවත්ම ගණන්ගන්නෙ නැතිව ගැට පැලැස්තර දමමින් අපි අපිවම රවටාගනිමින් යනවා ...

:       0       0

Sunil Monday, 13 March 2023 09:05 AM

හොරාගේ අම්මාගෙන් පේන අහනවද ?ප්‍රශ්න පත්‍ර කලින් පිටවූවත් ,එම ප්‍රශ්න පත්‍රම යොදා ගෙන විභාහගයත් පැවැත්වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site