IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සුපිරි ධනවතුන් 100ක් ගැන විශේෂ අවධානයක්

(රංජන් කස්තුරි) 

මේ රට වෙසෙන ඉහල  වත්කම් ඇති සුපිරි ධනවතුන් සිය දෙනකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවාය.

එම සුපිරි ධනවතුන් 100 දෙනා මෙතෙක් කල් නිසියාකාරව  බදු ගෙවීමක් සිදුකර නොමැති හෙයින් ඔවුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර දැඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන බවද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය කීවාය.

මෙරට වෙසෙන සුපිරි ධනවතුන්ගෙන්  නිසියාකාරව බදු අය කර ගැනීම සඳහා ඉහළ ආදායම්  සහ ඉහළ වත්කම් සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම සඳහා විශාල බදු ගෙවන්නන්ගේ කාර්යාලය පිහිටුවා ඇති අතර ඊට විශේෂඥයන් දස දෙනෙකුගෙන් යුත්  කණ්ඩායමක්  අනුයුක්ත කර සිටින බවද  චන්ද්‍රසේකර මහත්මිය කීවාය.



අදහස් (10)

සුපිරි ධනවතුන් 100ක් ගැන විශේෂ අවධානයක්

චන්දන Thursday, 07 March 2024 07:36 PM

හැමදාම කියන්නේ ඕක තමයි. සොච්චම් පඩියක් ගන්න රාජ්‍ය සේවකයින් හූරාගෙන කනවා. අහිංසක ජනතාව එදිනෙදා හම්බ කරන තුට්ටු දෙක හූරාගෙන කනවා. මහා පරිමාණ සුපිරි කෝටිපතියෝ කිසිඳු ගණනක් නැතිව ඉන්නවා...

:       0       0

නිහාල් Thursday, 07 March 2024 09:34 PM

පත්තරේ දැම්මාම පුළුවන් එයාලට දැනගන්න.

:       0       0

Prabha Thursday, 07 March 2024 11:02 PM

ඉස්සෙල්ලාම දේශීය ආදායම් සහ රේගුවේ අයගේ වත්කම් බලලා එමුද?

:       0       0

NIHAL DHARMATILEKE Thursday, 07 March 2024 11:22 PM

ඔබතුමියට විතරයි කොන්ද තියෙන්නේ.. මෙම ක්‍රියාව සාර්ථක වේවා..!

:       0       0

Siri Friday, 08 March 2024 04:20 AM

ඔය අතරේ මුදුනේම ඉන්නේ දේසපාළුවෝ නේද? ඒ ගොල්ලොයි ඒ ගොල්ලන්ගේ දරු මල්ලොයි මෙච්චර මුදල් සම්භාරයක් එකතු කලේ කොහොමද කියලා නිකමටවත් හොයලා බලන්න හිතුනේ නැද්ද?

:       0       0

Perera Friday, 08 March 2024 08:09 AM

අවධානය යොමු කරලා උන් දිහා බල බල ඉන්නද හදන්නේ ?උන්ට විරුද්ධව මොනවද ගන්න පියවරවල් ?

:       0       44

chandana Friday, 08 March 2024 09:06 AM

කලින්ම කිව්වේ ඕනම නම් ඉක්මනින් රටින් පැනගන්න කියලා කියන්නද.

:       1       33

JayanFriday, 08 March 2024 12:35 PM

ගොන් කතා කියන්න එපා.සුපිරි 100 තියන වත්කම් හැටියට ඒවා දාලා රට යනවට වඩා දඩ ගෙවන එක ලාබයි

:       0       1

Abid Friday, 08 March 2024 12:07 PM

පාර්ලිමේන්තුවේ හිටපු සහ දැනට ඉන්න කී දෙනෙක් මේකට ඇතුලත් වෙලා තියේද.රටේ සල්ලි හොරා කාපු එවුන්ගේ නම් මේකේ තියේද

:       0       1

පිටරටවැසියා Friday, 08 March 2024 02:16 PM

ඔය කියන-නොකියන ඔක්කොටම මෙරට විතරක් නෙමේ පිටරටත් දේපළ ඕසෙට තියෙනවා. විශේෂයෙන්ම දෙසපාලුවන්ට සහ ඔවුන්ගේ සහචරයින්ට, හෙන්චයියන්ට.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site