විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ හොඳම සන්නාමය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. Business World international Organization (BWIO) සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ග්රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එහිදී කළමනාකාර අධ්‍යක්ෂ රාමසාමි සිවසංකර් මහතා සම්මානය ලබා ගත්තේය.
2017දී සුළු පරිමාණයෙන් ඇරැඹූ Super King Detergents සමාගම ක්‍රම ක්‍රමයෙන් දියුණු වූයේ ගුණාත්මකභාවයෙන් සහ නිසි ප්‍රමිතියෙන් ඉහළ නිෂ්පාදන නිරන්තරයෙන් පාරිභෝගිකයන්ට හඳුන්වා දීම නිසාය.
ඔවුන්ගේ නිෂ්පාදන අතර ඩිෂ් වොෂ්, හෑන්ඩ් වොෂ්, කාර් වොෂ්, ටොයිලට් කොමොඩ් ක්ලීනර් ලික්විඩ්, කොම්ෆොර්ට්, ක්ලෝරස් සහ එයාර් ෆ්‍රෙෂ්නර් වැනි නිෂ්පාදන රැසක් ඇත.
කොළඹ ජාතික රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල වැනි ආයතනවල ද ඔවුන්ගේ නිෂ්පාදන භාවිත කිරීමෙන් Super King Detergents සමාගමේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය තහවුරු කර ඇත. Supwe King නිෂ්පාදන සඳහා කාර්මික තාක්ෂණ ආයතනයේ දී සහතික ද ලැබී ඇති අතර Super King නිෂ්පාදන ඉදිරියේ දී දිවයින පුරා බෙදා හැරීමට සැලසුම් සකස් කර ඇත. මෙම ජයග්‍රහණය ලබා ගැනීමට දායකත්වය දැක් වූ පාරිභෝගිකයන්ටත්, සේවක මණ්ඩලයටත්, පවුලේ සාමාජිකයන්ටත් සිය කෘතවේදීත්වය කළමනාකාර අධ්‍යක්ෂ රාමසාමි සිවසංකර් මහතා දැක්වීය.
595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය