IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සැපයුම්කරුවන් පහළොවකට කෝටි 50ක පොල්ලක්

(සුජිත් හේවාජුලිගේ )

රජයේ මුද්‍රණාලයට  භාණ්ඩ සැපයූ සැපයුම්කරුවන් පහළොස් දෙනකුට මහ භාණ්ඩාගාරය රුපියල් කෝටි 50කට වැඩි මුදලක් මෙතෙක් ගෙවා නැතැයි වාර්තා වේ.

මේ හිඟ මුදල් හේතුවෙන්  බොහෝ සැපයුම්කරුවන් රජයේ  මුද්‍රණාලයට තවදුරටත් භාණ්ඩ සැපයීම අදි මදි කරන තත්වයක් පෙනෙන්නට ඇතැයි  එහි ආරංචි මාර්ගවලින් පැවසේ.

හිඟ මුදල් කොටස් වශයෙන් හෝ  ගෙවන ලෙස රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මහ භාණ්ඩාගාරයෙන්  පසුගියදා ඉල්ලීමක් කළාය.

හිඟ මුදල් මෙලෙස ගෙවීමට ඇත්තේ කඩදාසි,ටෝනර්, තීන්ත යනාදී  භාණ්ඩ සපයන ලද සැපයුම්කරුවන්ටය.

මේ අතර ඩොලරයේ. මිල ඉහළ යෑම හේතුවෙන්  කඩදාසි ඇතුළු සියලුම අමුද්‍රව්‍යවල මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි  රජයේ මුද්‍රණාලය පවසයි.



අදහස් (1)

සැපයුම්කරුවන් පහළොවකට කෝටි 50ක පොල්ලක්

Kumasaru Saturday, 11 March 2023 06:06 PM

ගංගානි කරන්නේ ණයට නෙවෙයි කියලයි අපි දන්නේ...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site