
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීම සඳහා සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තුව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, රට වර්තමානයේ මුහුණ දෙමින් තිබෙන ණය අර්බුදය විසඳීම සඳහා පුළුල් උපාය මාර්ගික වැඩපිළිවෙළක් සකස් කරන බවත්, එහිදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමුඛතාවයක් වන අතර, වැදගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීමට තම මූලික අවධානය යොමුව ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කැනඩාවේ හිටපු අගමැති ස්ටීවන් හාපර් මහතා සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (IDU) 40 වන සංවත්සරයට සමගාමීව ජුනි මස 19 සහ 20 යන දෙදින ලන්ඩන් නුවර පැවති එහි වාර්ෂික සංසදය අතරතුර මෙම සාකච්ඡාව පැවැත්විණි.
පරිසර අභියෝග, ආර්ථික සමෘද්ධිය සහ ජාතික ආරක්ෂාව යන්න සංකීර්ණ මාතෘකා බවට පත්ව ඇති යුගයක, දේශගුණික විපර්යාසවලට මුහුණදෙමින් වඩා සුරක්ෂිත සහ සමෘද්ධිමත් ලෝකයක් ගොඩනැඟීමට එක්ව කටයුතු කරන්නේ කෙසේද, යන්න සාකච්ඡා කිරීමේ අරමුණින් ලෝක නායකයෝ මෙවර සංසදය සමඟ එක්ව සිටියහ.
ස්ටීවන් හාපර් මහතා විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමා ජනාධිපති ධූරයේ වගකීම බාර ගැනීම, රටේ ආර්ථිකය යළි ගොඩනැඟීම සඳහා ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන වැඩසටහන පිළිබඳව ද දීර්ඝ ලෙස අදහස් දැක්වීය.
ශ්‍රී ලංකාවේ මූල්‍ය අපේක්ෂාවන් ශක්තිමත් කරමින් දීර්ඝ කාලීනව වඩාත් හිතකර වෙළෙඳ ශේෂයක් ස්ථාපිත කිරීමට අදහස් කරන බවත්, ලිබරල් ආර්ථික ලිහිල්කරණ ප්‍රතිපත්තිය වේගවත් කිරීම සහ ආයෝජන ආකර්ෂණය වැඩි කර ගැනීම අරමුණු කර ගෙන එහිදී කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැප්තැම්බරයේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කරනවා
Jagath Wickramasekara Thursday, 22 June 2023 08:05 PM
ආඩම්බරයි සර් ඔබ ගැන