IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සීනි සමාගමෙන් පැණි රස නැති කතාවක්

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

සීමාසහිත ලංකා සීනි පෞද්ගලික සමාගම එහි සේවකයන්ට   දිරිදීමනා සහ ප්‍රසාද දීමනා ලෙස රුපියල් කෝටි 73 කට  අධික මුදලක් පසුගිය වර්ෂයේදී ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ

මෙම දීමනා ගෙවා ඇත්තේ  සෙවනගල සහ පැලවත්ත සීනි සමාගම්වල  සේවකයන් සඳහාය.

සෙවනගල අංශය සහ ප්‍රධාන කාර්යාලය සඳහා ප්‍රසාද දීමනා දිරි සහ දිරිදීමනා වශයෙන් පසුගිය වසරේදී රුපියල්  කෝටි  22   වැඩි මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි

රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයට අනුව එම අංශ සඳහා  පසුගිය වර්ෂය සඳහා ගෙවිය හැකි ප්‍රසාද දීමනාව රුපියල් දෙකෝටි අසූ හය  ලක්ෂයක් වුවද රුපියල් විසි කෝටි එක්ලක්ෂ තුන්දහසක් එකසිය විසි පහක  මුදලක් වැඩියෙන් ගෙවා ඇති බව විගණනයේදි තොරතුරු හෙළිවී ඇත.

ලංකා සීනි පෞද්ගලික සමාගම පසුගිය වසරේ දී රුපියල් කෝටි හයසීයක  ලාභයක් උපයා ඇති බව  විගණන කාර්යාලය පවසයි.



අදහස් (3)

සීනි සමාගමෙන් පැණි රස නැති කතාවක්

ravin Sunday, 12 November 2023 01:39 PM

විගණකාධිපති මහ බැංකුව විගණනය කරන්නේ නැතිද? නොදන්නා හින්දයි අහන්නේ... හැබැයි අනෙක් සේවකයින් සඳහා අර්ථසාධක පොලිය 9% වෙනකොට මහබැංකුවේ සේවකයින් හට විතරක් 29.78a% ක පොළියක් ගෙවනවාය කියලා පාර්ලිමේන්තුවේ කතා වුණාලු...

:       0       0

dinesha Sunday, 12 November 2023 01:46 PM

කෝටි 600 ලාභ ලබන කෝටි 73 ප්‍රසාද දීමනා ගෙව්වාම මොකක්ද වෙන්නේ... ලංකාවේ පාඩු ලබන ආයතනත් ප්‍රසාද දීමනා ගෙවන කොට...!

:       0       0

Aruna Manipura Monday, 13 November 2023 04:56 AM

පාඩු ලබන තෙල් සංස්ථාවත් දිරි දීමනා ගෙවද්දී, ලාබ ලබන සීනි සමාගම එහි සිටින ප්‍රතිඵල පෙන්නපු සේවකයින්ට දිරි දීමනා ගෙව්වාම ඇති වැරැද්ද කුමක්ද? ඔවුන් ඒක ලබා ගත්තේ කෝටි 600ක් උපයලා කෝටි 22ක් දිරි දීමනා හැටියට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site