(සුජිත් හේවාජුලිගේ )
සීනි වංචාවෙන් නැතිවූ මුදල් අදාළ සමාගම්වලින් නැවත අය කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළවිය.
මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාරක සභාව මුදල් අමාත්‍යාංශයට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
සීනි වංචාවෙන් අපේක්ෂිත අය කර ගැනීම් හා ප්‍රමාදයන් පිළිබඳව සතියක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද කමිටුව උපදෙස් දී ඇත.
සීනි ආනයනය සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සියයට 99.5කින් අඩුකර තිබියදීත් අදාල බලධාරීන් ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳවද කාරක සභාවේදී ප්‍රශ්න කෙරිණ. පාරිභෝගික භාණ්ඩ සඳහා බදු අඩු කිරීම හේතුවෙන් ඇතැම් විශාල සමාගම් වලට අසාධාරණ ලෙස ප්‍රතිලාභ ලබාගැනීම වැළැක්වීමට කිසිදු පියවරක් ක්‍රියාත්මක කර නොමැති බව කාරක සභාව මෙහිදී පෙන්වා දුන්නේය.
මේ ආකාරයට පාරිභෝගික ජනතාවගෙන් රුපියල් කෝටි තුන්දාහක් අය කර ගැනීමට කටයුතු කළ සමාගම්වලට වගකීමෙන් තොරව කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය කාරක සභාවේ දැඩි විවේචනයට ලක්විය.
එක්සත් ජනපද සුරැකුම්පතා විනිමය කොමිෂන් සභාව ක්‍රිප්ටො මුදල් මෑතකදී පිළිගත් ආයෝජන වත්කම් ලෙස අනුමත කර ඇති බව කාරක සභාව මෙහිදී පෙන්වා දුන්නේය.
ඒ පිළිබඳ දැනුවත් වීමක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කරන බවත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහුමෙහිදී පැවසූහ.
එමෙන්ම විධිමත් මාධ්‍යයන්ගෙන් තොරව රුපියල් ඩොලර් වලට හුවමාරු කිරීමට අවසර නොමැති බවත් මුදල් හුවමාරුව සහ ආයෝජනය සඳහා නිල නොවන මාර්ග අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව විමර්ශනය කරන බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 16 වැනිදා රැස්විය.මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
2025 දෙසැම්බර් මස 18
114
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීනි ගොලුවන්ට මුදල් කමිටුවෙන් දොස්
අරවින්ද මොනරවිල Thursday, 18 January 2024 07:44 PM
දේශපාලකයෝයි නිලධාරිනුයි දෙගොල්ලෝම එකට රඟපානවා. තව ටික දවසකින් නිලධාරීන් කියයි අපිට ඒවා අයකර ගන්න ව්‍යවස්ථානුකූලව බලයක් නැහැ කියලා....!
Nimal Friday, 19 January 2024 08:29 AM
ක්‍රිප්ටෝ ගැන දන්නේ නැතිනම් පුළුවන් එකෙක් දාලා අයින් වෙයල්ලා .තරුණ ,වැඩ කරන්න පුළුවන් කෙනෙක්ට ඕක දීලා