(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගම්පහ මහාධිකරණය මරණ ම දඬුවම ලබා දී තිබියදී සැඟව සිටි චූදිතයකු වසර 19කට පසුව රාගම නගරයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය කියයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ රාගම අලගොල්ල පදිංචි පෙදරේරුවෙකි.
මෙම පුද්ගලයා ඔහුගේ සහෝදරයා හා එක්ව 2001 දොළොස් වැනි මස 19 වෙනි දින පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන්පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කර ඇත.
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටියදී 2004 වර්ෂය සිදුවූ සුනාමි ඛේදවාචකය අවස්ථාවේදී වෙනත් බන්ධනාගාරයකට රැගෙන යමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී මෙම සැකකරු පලාගොස් තිබිණි යැයි පොලීසිය කියයි.
2004 වසරේ 8 වෙනි මස 31 වැනි දින සැකකරුට අධික යෝජනා භාරදීමෙන් අනතුරුව සැකකරු නොමැතිව නඩු මෙහෙයවා චූදිතයාට මරණ දඬුවම නියම කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
524
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුනාමිය දා හිරෙන් පැන්න පෙදරේරුවා මාට්ටු