IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සන්නස්ගලට ඇප

(මනෝප්‍රිය ගුණසේකර)

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා කඳාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන එම මුදල ලබානොදී විශ්වාසය කඩ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ උපුල් ශාන්ත සන්නස්ගල මහතා ඇප මත මුදාහැරීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද (25) නියම කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත්වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

සිද්ධියට අදාළව කරරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කදාන පොලිසියේ නිලධාරීන් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා මාසයක කාලයක් තුළ ගෙවීමේ පොරොනදුව මත සැකකරු පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන ඇතැයිද එම මුදල නියමිත දිනයේදී ලබානොදී විශ්වාසය කඩ කර ඇතැයිද කීය.

මේ පිළිබද ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව දැනුම් දුන් කදාන පොලිසියේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයේ තවදුරටත් විමර්ශන කරන හෙයින් සැකකරු රිමාන්ඩ් කරන්නැයි ඉල්ලා සිටියහ.

සැකකරු වෙනුවෙන් පෙනී සිටී නීතීඥවරුන් කරුණු දක්වමින් තම සේවාදායකයා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන බව දැනගෙන පැමිණිලිකරු රුපියල් ලක්‍ෂ 10ක මුදලක් දුන්නේ ප්‍රදානයක් වශයෙන් මිස ණය මුදලක් වශයෙන් නොවේ යැයි කීහ.

කෙසේ නමුත් පසු අවස්ථාවක තම සේවාදායකයා ඔහුට අදාළ මුදල ගෙවු බව දැනුම් දෙමින් ඒ සඳහා කුවිතාන්සිද උසාවියට ඉදිරිපත් කළ නීතීඥවරුන් මේ පිළිබඳ කරුණු පොලිසියට දැනුම් දුන්නත් ඔවුන් එම කරුණු නෙසළකා අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කළ තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ.

දෙපාර්ශවයේ කරුණු සළකා බැලීමෙන් අනතුරුව පොලිසියේ ක්‍රියාකලාපය දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළේය.


සන්නස්ගල අත්අඩංගුවට

2024 - 04 - 25
13:58

(ගයාන් සූරියආරච්චි)

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා අද (25) කදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කදාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාගෙන මාසයක් ඇතුළත ලබාදෙන බවට පොරොන්දු වී ඇති බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් සැකකරු එම මුදල නියමිත දිනට ලබාදීමට අපහොසත් වී ඇති අතර විශ්වාසය කඩ කිරීම හේතුවෙන් මුදල් ලබාදුන් පුද්ගලයා කදාන පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ කදාන පොලිසියේ නිලධාරීන් විසින් වහාම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු අද (25) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කැලණිය දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ.වයි.බී. ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි කදාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.



අදහස් (14)

සන්නස්ගලට ඇප

සමන් Thursday, 25 April 2024 02:45 PM

මේ වගේ හොටබරි ගැන ප්‍රවෘත්ති පල කිරීමත් අපරාධයක්. මුන්ගන් ඉගෙන ගන්නා දරුවන් කෙසේ නම් හොද පුරවැසියන් වෙන්නද?.

:       19       40

මංජුල Thursday, 25 April 2024 02:56 PM

හරියට සොයා නොබලා මේවාගේ වැඩ කරන්න ඵපා

:       2       23

sam Thursday, 25 April 2024 03:01 PM

සන්නා කියන්නේ හරිම අමාරුකාරයෙක් ...

:       7       20

sk Thursday, 25 April 2024 03:25 PM

කතාව නම් හරිම පිරිසිදුයි... වැඩනම් ඉතින්....

:       4       24

සිල්වා Thursday, 25 April 2024 03:26 PM

මෙම සිද්ධිය දෙස බලන කොට එය මිතුරන් අතර මුදල් අතමාරුවක් සිදුවෙලා බවයි පෙනෙන්නේ. සිද්ධිය ලොකු කරන්නේ වෙනත් චේතනාවකින් විය හැකිය.

:       12       47

Dinesh Thursday, 25 April 2024 03:31 PM

ලක්ෂ 10ක් වගේ ගාණකට මෙහෙම කරයි කියලා හිතන්න අමාරුයි...

:       8       38

රෝයි ෆෙඩ්රික්ස් Thursday, 25 April 2024 03:42 PM

ලංකාවේ පොලීසිය කොටුවේ දුම්රිය ස්ථානයෙන් දැන් පිටත්වු මහව සීඝ්‍රගාමී දුම්රියටත් වඩා මන්දගාමීයි. බොහෝ කලකට පෙර සිදුවිය යුතුව තිබූ දෙයක්. පමාවී හෝ සිදුවීම කොහෙත්ම සිදු නොවනවාට වඩා යහපත්. බක ජාතකයේ කොකා මගේ සිහියට නැංවේ. මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ කෘතීන් 11ක් අනවසරයෙන් මුද්‍රණය කර විකිණීම සම්බන්ධව මොහුට එරෙහිව නඩුවක් අධිකරණයේ විභාග වේ.

:       4       21

රනේ Thursday, 25 April 2024 03:51 PM

ඒකට මොකෝ දෙන්නෙ ලොරි ටෝක්...!

:       8       22

Prabha Thursday, 25 April 2024 04:05 PM

මෙතන උඩින් පේන කතාවට වඩා දෙයක් තියෙන හැඩයි.

:       2       28

sudda Thursday, 25 April 2024 04:27 PM

මේ යකා අධික හීනමානයකින් පෙලෙන කෙනෙක් ලෙසයි ඔහුගේ කතා හා හැසිරීම් වලින් පෙනෙන්නේ. ලොරි ටෝක් දුන්නට කරන්නේ ත්‍රිවිල් වැඩ. වරක් සරත්චන්ද්‍ර බිරිඳ මෙයාට නඩු දැම්මා. මොකද අනවසරයෙන් සරත්චන්ද්‍රගේ පොත් කොපි කලාට. උපාධියට කොපි කරලා මට්ටුවෙලා හිටියා. අපේ සංස්කෘතිය විනාශ කරන ඒජන්තයෙක් උනාට කනගාටුවට කරුණ නම් මෙයාගේ යු ටියුබ් නාලිකාව බලමින් ඔහු පෝෂණය කරන මෝඩ රැලක් අපේ රටේ සිටීමය.

:       7       25

Thushara Thursday, 25 April 2024 05:47 PM

කෝටි ගාණක දේපල වත්කම් තියෙන මනුස්සයෙක්ට ලක්ෂ දහයක් දෙන එක මහ දෙයක් නෙවෙයි. මඩ ගහන්න ඕනෑ නම් වෙන විදියක් හොයාගන්න වෙයි. වංචාවක්, අසාධාරණයක් වෙලා නම් අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුමයි...

:       12       12

අමල් Thursday, 25 April 2024 06:04 PM

සන්නස්ගල වගේ ලොවිට්ටන්ට එක නීතියකුත්, දමිතා වගේ අයට තව නීතියකුත් ක්‍රියාත්මක වෙන පුදුම රටක් මේක. දෙන්නාම කරේ එකම වරද - සාපරාධී විශ්වාසය කඩ කිරීම, ඒ වුණාට දමිතාට අපේක්ෂිත ඇපත් නැහැ. දෙපාරක්ම ඇප ඉල්ලුම ප්‍රතික්ෂේප වුණා. එකට මෙයා, හැරෙන තැපෑලෙන් ගෙදර...!

:       6       8

Tharaka JayalathThursday, 25 April 2024 06:24 PM

රනිල් ට ඇති ආදරය තමයි එකම හේතුව...

:       2       10

අපකීර්ති වර්ණකුලසූරිය Friday, 26 April 2024 08:27 AM

සන්නස්ගලව අත්අඩංගුවට ගත්තා කිවහම අපෙ සමහරක් යක්ක පුත්තුන්ට සැහෙන්න සතුටුයි වගේ

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site