IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


සේනානායක සමුද්‍රය පිරෙන්න පටන්ගනී

වසන්ත චන්ද්‍රපාල

 

ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශයට වැසි ලැබීමත් සමඟම ඉගිණියාගල සේනානායක සමුද්‍ර‍යේ ජල මට්ටම අඩි 58.30 දක්වා ඉහළ ගොස් තිබේ.

වසර තුනක කාලයක පටන් නියමිත අයුරින් වැසි නොලැබීම නිසා ඉගිණියාගල සේනානායක සමුද්‍ර‍යේ ජල මට්ටම  අඩි 34 දක්වා පහත බැස තිබු අතර දැනට ලැබෙන වැස්ස සමඟ ජල ප්‍රමාණය වැඩි වෙමින්  පවතින බව අම්පාර වාර්මාර්ග අධ්‍යක්ෂක නිහාල් සිරිවර්ධන මහතා පැවසීය.

මෙම වර්ෂාව සමඟ වැවේ ඇති මුළු ජල ධාරිතාවය අක්කර අඩි 129,350  දක්වා ඉහළ ගොස් තිබේ.

තවදුරටත් සමුද්‍රයට ජලය එකතු වෙමින් පවතින අතර ඉදිරි දිනවලදී ජල ප්‍රමාණය තවත් ඉහළ යා හැකි බවද සඳහන් කළේය.

ඇදහැලෙන වර්ෂාව සමඟ අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වැසි ජලයෙන් වී වගා කිරිම ආරම්භ කර තිබේ.

මෙම කන්නයේ සියලුම කුඹුරු වගා කීරීමට කටයුතු යොදා ඇති බව අම්පාර ගල්ඔය වම් ඉවුර ගොවි සංවිධානයේ සභාපති සි.එච්.කුමාර මහතා පැවසීය.

පවතින වැසි තත්වය සමඟ නාමල් ඔය, එක්ගල් ඔය, අම්බලන් ඔය, පල්ලන් ඔය, සහ පන්නල්ගම යන වැව් වලද ජලධාරිතාවය ඉහළ යමින් පවතින බවද ඔහු කීවේය.



අදහස් (0)

සේනානායක සමුද්‍රය පිරෙන්න පටන්ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 52 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 257 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site