ලතින් ඇමෙරිකා රටවල ක්‍රියාත්මක වන සන්නද්ධ අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කණ්ඩායම්, ගෝලීය ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තැබුවේය.
මෙම අපරාධ කල්ලි ඇමෙරිකාවාටත්, ඇමෙරිකන් පුරවැසියන්ටත්, මුළු ලෝකයටත් තර්ජනයක් බව පෙන්වා දෙමින්, එම කල්ලි අඩපණ කර දැමීම කළ යුත් බව අවධාරණය කරමින්, ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මෙම නියෝගයට අත්සන් කළ බව පැවැසෙයි.
ලතින් ඇමෙරිකා රටවල ක්‍රියාත්මක වන සන්නද්ධ අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කණ්ඩායම් ගෝලීය ත්‍රස්තවාදීන් ලෙස මෙසේ නම් කිරීමත් සමඟ එම කල්ලිවලට සහ කණ්ඩායම්වලට මුදල් ලැබෙන සියලු මාර්ග අවහිර වෙයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්වල නියැළෙන කණ්ඩායම්වලට ඔවුන්ගේ කටයුතු කරගෙන යෑම ගැටලුවක් වෙයි. ඇතැම් ලතින් ඇමෙරිකානු රටවල සන්නද්ධ අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන්නේ ඒ ඒ රටවල රාජ්‍ය අනුග්‍රහය යටතේ වීම ද රහසක් නොවන බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සන්නද්ධ අපාරාධ කල්ලි ත්‍රස්තවාදීන් ලෙස සලකනවා - ට්‍රම්ප්
Kamal Koyrala Thursday, 20 February 2025 12:05 PM
ඔන්න ජනපති... ගත යුතු දේ ගන්න අපේ රටටත් ගැලපෙනවා