IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සනත් අධිකරණයට අපහාස කළැයි නිතීඥ ප්‍රියලාල්ගෙන් පෙත්සමක්

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා අධිකරණයට අපහාස වන අයුරින් සිදුකළායැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් විභාගයක් පවත්වා සුදුසු පියවරක් ගන්නා ලෙසට ඉල්ලා ඉල්ලමින් නිතීඥ ප්‍රියලාල් සිරිසේන මහතා අභියාචනාධිකරණයට අද (29) පෙත්සමක් ගොනුකරනු ලැබ ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, ශ්‍රී ලංකා නිතීඥ සංගමය සහ නිතිපතිවරයා ය.

මෙම පෙත්සමේ පළමු වගඋත්තරකරු ඉකුත් මැයි මස 09 වන දින ගාලු මුවදොර අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ සැකකරුවකු වන අතර, මීට පෙරද අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අයකු බව ද පෙත්සම්කරු සිය පෙත්සමේ සදහන් කර ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදී ඉකුත් 23 වැනිදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ මෙහි පළමු වගඋත්තර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා අධිකරණයට අපහාස වන අයුරින් කරුණු දක්වනු ලැබූ බවත් මෙමගින් සමස්ථ අධිකරණ පද්ධතියටම අපහාසයක් සිදුව ඇති බවත් පැමිණීලිකාර නිතීඥවරයා සිය පෙත්සමෙන් කරුණු ඉදිරිපත් කර තිබේ.



අදහස් (0)

සනත් අධිකරණයට අපහාස කළැයි නිතීඥ ප්‍රියලාල්ගෙන් පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 421 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site