IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සනත් ජයසූරියගේ මව අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක සනත් ජයසූරිය මහතාගේ මෑණියන් වන බ්‍රීඩා ජයසූරිය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

බ්‍රීඩා ජයසූරිය මහත්මිය අභාවප්‍රාප්ත වන විට 80 වැනි වියේ පසුවූවාය.

රෝගාතුරව සිටි බ්‍රීඩා ජයසූරිය මහත්මිය මාතර, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බඳාදා මාතරදී සිදුකෙරේ.

සනත් ජයසූරිය මහතා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා මේ වන විට ඇමරිකාවට ගොස් සිටින අතර ඒ මහතා හෙට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

(යොහාන් භාසුර) 



අදහස් (0)

සනත් ජයසූරියගේ මව අභාවප්‍රාප්ත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 131 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site