IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සනත්ගේ මරණයට කන්ටේනර් රියදුරුගෙන් සී.අයි.ඩිය ප්‍රකාශ ගනියි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සිදුවූ ආකාරය සැක සහිත යැයි පවසමින්  අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත, සිදුකළ පැමිණිල්ලකට අනුව කන්ටේනර් රථ රියදුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා අද (12) දින ප්‍රකාශ ලබා ගත් බව ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය

මියගිය හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන අධි නීතිඥ  චමරි ප්‍රියංකා මහත්මිය සිය සැමියාගේ මරණය සිදුවූ ආකාරය සැක සහිත බව පවසමින් ඉකුත් (7) වෙනිදින  සිදු කරන ලද   පැමිණිල්ලකට අදාළව මෙම  ප්‍රකාශ ලබාගැනීම සිදුකර තිබේ

එම මාරක රිය අනතුර සම්බන්ධයෙන්  විශේෂිත කරුණු කීපයක් ඉදිරිපත් කරමින්  පිටු පහක පමණ  ප්‍රමාණයකින් යුත්  විස්තර ඇතුළත්  කර එකී පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් ගත් ජීප් රථය ගැටුණු  බව කියන කන්ටේනර් රථය පැදවූ රියදුරාට කරන ලද දැනුම් දීමකට අනුව ඔහු එම අංශය වෙත නීතිඥවරයෙකු සමග පැමිණ පුරා පැය පහකට ආසන්නන්  කාලයක්  ප්‍රකාශ ලබා දී තිබිණි



අදහස් (0)

සනත්ගේ මරණයට කන්ටේනර් රියදුරුගෙන් සී.අයි.ඩිය ප්‍රකාශ ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site