IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සුදු සීනී දුඹුරු කළ ගබඩාවකට සීල්

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

ඉන්දියාවෙන් ආනයනය කරන සුදුු සීනිවලට ලංකාවේ නිෂ්පාදිත දුඹුරු සීනි සහ වර්ණක එකතුකර දුඹුරුු සීනි ලෙස සකසන ස්ථානයක් ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සොයා ගැනීමට  පාරිභෝගික අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් කළ වැටලීිමක දී හැකි වූ බව අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අසේල බණ්ඩාර මහතා පැවසුවේය.

කාලයක් තිස්සේ මෙම සුදු සීනි දුඹුරුු සීනි බවට පත් කිරීමේ ජාවාරම කරගෙන ගොස් ඇති බවට පාරිභෝගික අධිකාරිය සැකකරයි.

වැටලීම කළ ස්ථානයේ තිබී කිලෝග්‍රෑම් 50 හිස් සීනි ඇසුරුම් 2500ක් ඔවුන් භාරයට ගෙන ඇත. ඒවා කළවම් කළ සීනි වල හිස් කවර යැයි සැකකරයි.

සුදු සීනි සහ දුඹුරුු සීනි කලවම් කිරීමෙන් පසු සීනි වල දුඹුරුුපාට වැඩිකිරීම සඳහා යොදන වාර්ණක ද, ඒවා කළවම් කරන උපකරණ ද පාරිභොගික නිලධාරින්ගේ භාරයට ගෙන ගබඩාව සහිත ගොඩනැගිල්ලට සීල් තැබූ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

 



අදහස් (4)

සුදු සීනී දුඹුරු කළ ගබඩාවකට සීල්

asiri Friday, 16 August 2024 12:32 PM

මේ අයට මේ සීනි දියකරලා පොවන්න ඕනෑ මේ සීනි මට්ටම වැඩිවෙලා මැරෙන්න.

:       0       38

Athula Jinadasa Friday, 16 August 2024 02:06 PM

මේවා කාලා මිනිස්සු පිළිකා ලෙඩ්ඩු වෙනවා.

:       0       21

Rohana Friday, 16 August 2024 04:32 PM

ජනතාවට වස කවන මොවුන් දිවි ඇතිතෙක් හිරේ දැමිය යුතුයි.

:       0       14

Nimal Saturday, 17 August 2024 08:08 AM

ඔය අල්ලපු කාටවත් මොකුත් වෙන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site