
වසර 22කට වඩා වාණිජ වන වගාවේ අත්දැකීම් බහුල, අගාවුඩ් ඇතුළු නැවුම් හරිත ආයෝජන සැලසුම් ශ්‍රී ලංකාවට හදුන්වා දුන් Sadaharitha Plantations Limited (සදාහරිත) සමාගම, ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මැලේසියාවේ අගාවුඩ් වගාකරන සමාගම් සමඟ පසුගියදා තාක්ෂණීක හවුල්කාරීත්වයකට එළැඹිණි. ඒ, අගාවුඩ් ශාකයේ අස්වැන්න වැඩිකර ගැනීමට යොදාගන්නා “SP Tech” තාක්ෂණය බෙදා ගැනීමට සහ අලෙවිය සඳහා ය.
වසර ගණනාවක් පුරා සිදු කරන ලද දැඩි පර්යේෂණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස දියුණු කරන ලද මෙම තාක්ෂණය, ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් අගාවුඩ් ශාකවල ඵලදාව ඉහළ නැංවීම සඳහා නිර්මාණය කරනු ලැබුවකි. මෙම ගිවිසුමට අනුව ආරම්භයේ දී, වාර්ෂිකව අගාවුඩ් ශාක මිලියනයක් මෙම තාක්ෂණය භාවිතයෙන් එන්නත්කරණය (ආමුකූලනය) සිදුකරනු ලබන අතර, එයට සමගාමීව මැලේසියාවේ ප්‍රාන්තයන් තුනක නව අගාවුඩ් නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කිරීමට ද කටයුතු කරමින් තිබේ.
සදාහරිත සමාගමට පමණක් නොව ශ්‍රී ලංකාවේ වාණිජ වන වගා ක්ෂේත්‍රයේ ද විශාල ජයග්‍රහණයක් සනිටුහන් කරමින් මෙම ගිවිසුමට පසුගියදා මැලේසියාවේදී අත්සන් තබන ලදී. ඒ අනුව, වර්ෂ 2028 වනවිට මෙම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ වර්ධනය වෙමින් පවතින අගාවුඩ් තෙල් ඉල්ලුමෙන් සියයට 30 දක්වා සපුරාලීමට අපේක්ෂා කෙරේ.
මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය, ජාත්‍යන්තර හවුල්කරුවන් සදාහරිත කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳව තහවුරු කිරීමක් වන අතරම, අගාවුඩ් කර්මාන්තයේ පුරෝගාමියකු ලෙස සමාගම ලද සුවිශේෂී ජයග්‍රහණයකි. සදාහරිත සමාගමේ මෙම නව “SP Tech”තාක්ෂණය මගින් අගාවුඞ් අස්වැන්න වැඩි කිරීමක් වන අතර උසස් තත්වයේ අගාවුඩ් නිෂ්පාදන සඳහා වන ගෝලීය ඉල්ලුම සපුරාලීමටද මහගු පිටිවහලක් සපයන බව ද මෙහිදී පෙන්වා දිය හැකිය.
මෙම ජයග්‍රහණය සමාගමේ තිරසාර වාණිජ වන වගා භාවිතයන් සහ හරිත ආයෝජන සඳහා වන දිගුකාලීන කැපවීම් වල ප්‍රතිඵලයක් වන අතර, දැනට ශ්‍රී ලංකාවේ අගාවුඩ් ශාක මිලියනයකට වඩා රෝපණය කර දේශීය සහ විදේශීය පාරිභෝගිකයන් 47,000 කට වැඩි ප්‍රමාණයකට සදාහරිත සමාගම සිය සේවාව සපයා දී තිබේ.
(සී.මුණසිංහ)
2025 ඔක්තෝබර් මස 08
1622
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1393
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
495
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සදාහරිත, මැලේසියාව සමඟ තාක්ෂණික හවුල්කාරීත්වයකට