(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ඉන්දිකා රාමනායක) රුපියල් ලක්ෂ 04 කට අධික වටිනාකමක් ඇති ඉතාමත් දුර්ලබ සුදු හඳුන් දැව කැබලි තොගයක් සමඟ පුද්ගලයකු අම්පාර දෙකේ කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. විශේෂ කාර්ය බලකාය අක්කරපත්තුව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කෙරිණි. අම්පාර පොලිස් වසමේ අම්පාර - නුවර පාරේ දෙකේ , කණුව ත්‍රීරෝද රියක් පරීක්ෂාවට ලක් කිරීමේදී එහි තිබී සුදු හදුන් දැව කැබලි කිලෝ ග්‍රෑම් 17 ක් හමුවූ බව විශේෂ කාර්ය බලකාය කියයි. මෙම සුදු හදුන් කැබලි ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 80 ක් වන උහන ගොනාගෙල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්පාර අඩවි වන කාර්යාලය වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගන්නා ලද සුදු හඳුන් දැව වල වටිනාකම රුපියල් ලක්ෂ 04 කට අධික ව බවට ගනන් බලා ඇත. පොලිස් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී මොණරාගල පොලිස් අධිකාරී ඒ.ඩී.ඩී. නෙත්තසිංහ මහතාගේ මග පෙන්වීම හා සහකාර පොලිස් අධිකාරී එස්.ඩී. බන්දුසිරි මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය අක්කරපත්තුව කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩී.පී.ඩී.පී. දන්දෙණිය ඇතුළු නිලධාරීන්මෙම වැටලීම කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සුදුහඳුන් හොරාට ගෙනියන්න බැරි වේ
sharm warn Thursday, 01 December 2022 01:56 PM
අපො. . ලක්ශ හතරක් කියන්නෙ මහ ලොකු වටිනකමක් ද? මෙ බිලියන් වලින් මන්කොල්ල කන පලකයො ඉන්න රටක්. . ලක්ශ හතර කටේ දාන්නත් මදි. . මෙව්ව වලට පුවත් ලියනවටත් පාඩුයි. . ලියන්නකො ඔය මත් දුව්‍ය ගෙන්වන්නගෙ පිටිපස්සෙ ඉන්න පලවෙනි පෙලෙ උදවිය ගැන.. අපි බලන් ඉන්නෙ මාද්‍යවේදීන් කවදද එව්ව හෙලි කරන්නෙ කියල.. ලක්ශ හතරක්. . අයියො පව්.. .