IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සදහටම පාර්ලිමේන්තු නෑවිත් ඉන්නම්

(සුජිත් හේවාජුලිගේ)

තමා අසන ප්‍රශ්නවලට ඇමතිවරුන් පිළිතුරු නොදෙන්නේ නම් සදහටම පාර්ලිමේන්තු නෑවිත් සිටින්නම් යැයි කතානායකවරයාට දැනුම් දෙන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය

"එතකොට  අපි එළියට දාන්න අවශ්‍ය  වෙන්නේ නැහැ" යැයිද  ඔහු කීවේය.

තමා මේ ප්‍රශ්නය ඇසුවේ සති කිහිපයකට පෙර බවත් ප්‍රශ්නයට පිළිතුරු දෙන ලෙස කතානායක දිගින් දිගටම  පැවසුවත්  ඔහු පිළිතුරුදීම  මගහැරි බවත්  මාන්නප්පෙරුම මහතා පැවසීය.

මේ අවස්ථාවේදී තමා  හඬ  නැගුවේ ඒ අසාධාරණයට එරෙහිව බව පැවසූ මන්ත්‍රීවරයා  කතානායකවරයා විනය  පියවර ගත යුත්තේ තමාට නොව පිළිතුරු නොදුන් ඇමැතිවරයාට බවද  සදහන් කළේය.

තමා විනය ගරුක  මන්ත්‍රීවරයකු බවත් කලබල කරන මන්ත්‍රීවරයකු නොවන බවත්  ඔහු කීවේය.

පාර්ලිමේන්තුවේ ගරුත්වය නැති වෙන්නේ  සෙන්කෝලයට අත තැබීම නිසා  නොව ප්‍රශ්නවලට උත්තර නොදෙන  ඇමැතිවරුන් නිසා බවද  මන්ත්‍රීවරයා පැවසුවේය.

තමා සම්බන්ධයෙන් ගත් තීරණය  ගැන සතුටක් නැතැයිද  අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය



අදහස් (3)

සදහටම පාර්ලිමේන්තු නෑවිත් ඉන්නම්

Chaminda Kandamby Thursday, 19 October 2023 09:45 PM

100% ක් ඇත්ත කතාවක්...!

:       1       5

අප්පුහාමි Friday, 20 October 2023 07:06 AM

උගතුන් බුද්ධිමතුන් අනන්තවත් සිටියදී ඔවුන් ගැන නොසලකා උගත්කම නැතුව සිටි පාක්ෂිකයන්ට රැකියා දීමට වත්මන් ආණ්ඩුව පොරොන්දු වුනේ උගතුන් බුද්ධිමතුන් ඔවුන්ට නොදිරවන නිසා තමයි මංත්‍රිතුමා ඉතින් එහෙම ආණ්ඩුවක රියදුරු වෙනස්වුනා කියලා ප්‍රතිපත්ති වෙනස්වෙන්නෙ නැහැ හරියට කැලේ මාරුවුණාට කොටියාගේ පුල්ලි මැකෙන්නේ නැහැ වගේ තමයි... ඔබතුමා උගතෙක්, බුද්ධිමතෙක් නිසා ඔහොම කරන්න ඇති මන්ත්‍රිතුමා ඉවසමනා දහස් වටී... ඔබතුමාට ජයවේවා..! තෙරුවන් සරණයි...!

:       1       4

saman Friday, 20 October 2023 08:00 AM

ඔබත් ජනතා මනාපය මදි නිසා කොහොමත් පාර්ලිමේන්තු එන්න බැරිවුන කෙනෙක්... රන්ජන් හිරේ ගිය නිසායි ඔබත් පාර්ලිමේන්තු ආවේ. ඒ නිසා ආපහු රන්ජන්ට පාර්ලිමේන්තු අසුනයි, ඔහු හිටපු මාදිවෙල මන්ත්‍රී නිල නිවසයි දීලා සදහටම ආපහු පාර්ලිමේන්තු එන්නේ නැතුව ඉන්න​... එතකොට හරි... ඔය කියන දේ කරන්න පුළුවන්...! 

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site