IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සීදුවේ වත්තක පුපුරණ ද්‍රව්‍ය තොගයක්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි අක්කර 8 ක පමණ වත්තක සඟවා තිබූ ගුවන්යානා නාශක  උණ්ඩ ,අත් බෝම්බ, පුපුරන ද්‍රව්‍යසහ අවි කොටස් තොගයක්කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් එම වත්ත සෝදිසි කර සොයාගෙන ඇත.

ගුවන් යානා නාශක අවි වලට යොදා ගන්නා ජීව උණ්ඩ දෙකක්, අත්බෝම්බ එකක් ,එල් .එම් .ජී .වර්ගයේ ගිනි අවි උණ්ඩ එකක්,වර්ග දෙකකට අයත් පුපුරන ද්‍රව්‍ය,කුඩා ප්‍රමාණයේ ගිනි අවියක ගලවන ලද කොටස් 17ක්,ඩෙටනේටර් නමයක්, වෝටර ජෙල්  කූරු දෙකක් සහ අඩි දහයක් දිග වෙඩිබෙහෙත්  නූලක්සොයාගත් බව පොලිසිය පවසයි.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිදේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු තොරතුරක් අනුවලියනගේමුල්ලප්‍රදේශයේ පිහිටි මෙම වත්ත පූර්ණ ලක් කිරීමේදී මේවා සොයා ගැනීමට හැකි වී තිබේ.

මේ වා මෙම වත්තේ ගෙන විත් සඟවා තබා ගිය අය ගැන තොරතුරු තවම හෙළි වී නොමැති  බව පොලීසිය සඳහන් කරයි.

මේවා සඟවා තැබූ අය ගැන තොරතුරු අනාවරණය කරගෙන කරගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි

 

 

 



අදහස් (4)

සීදුවේ වත්තක පුපුරණ ද්‍රව්‍ය තොගයක්

Akila Sunday, 06 August 2023 09:00 AM

පොලිස්පති වෙන්න නොකරන දෙයක් නැහැ මේසපන්දු...!

:       0       5

sena Sunday, 06 August 2023 10:36 AM

ජාතික ආරක්ෂාව අනතුරේ... විශේෂයෙන්ම පොලිස්පති දේශබන්දු මහත්මයාට ලැබුණු තොරතුරක්ලුනේ...

:       0       5

sachith Sunday, 06 August 2023 12:09 PM

"බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු තොරතුරක් අනුව ලියනගේ මුල්ල ප්‍රදේශයේ පිහිටි මෙම වත්ත පූර්ණ ලක් කිරීමේදී මේවා සොයා ගැනීමට හැකි වී තිබේ." හොඳ හොඳ විහිළු ඉස්සරහට එයි. මතක ඇතුව නාට්‍ය ඉවර වුණාම ඕවා ගත්තු තැන්වලටම ගෙනිහින් දාන්න...

:       0       7

Bunny Preena Monday, 07 August 2023 10:27 AM

මාසෙකට සැරයක් මොනවා හරි නාටකයක් එලියට එන්න එපෑය නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site