
(යොහාන් භාසුර)
කොළඹ සිට බණ්ඩාරනායක කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත තෙල් ප්‍රවාහන කරන දුම්රිය ඉදිරියට ධාවනය කිරීමට සංඥා දී තිබියදී (බෙල් ඇන්ඩ් ලයිට්) අනාරක්‍ෂිත ලෙස ධාවනය කළ කාර් රථයක් කුඩහකපොළ උප දුම්රියේ දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් සිවුදෙනකු තුවාල ලබා සීදුව රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
එම අනතුර වන විට කාර් රථය තුළ පුද්ගලයන් සිව්දෙනෙක් ගමන් කර ඇති අතර එම සිව්දෙනාම තුවාල ලබා සීදූව රෝහලට ඇතුළත් කළ බවත් ඉන් එක පුද්ගලයකුගේ තත්වය බරපතල බවත් පොලිසිය සඳහන් කළේය.
මෝටර් රථයේ රියදුරු සංඥා පිළිබඳව අවධානය යොමු නොකරමින් රථය ධාවනය කිරීම නිසා මෙම අනතුර වී ඇතැයි මූලික පරීක්‍ෂණවලින් අනාවරණය වූ බව ද පොලිසිය වැඩි දුරටත් කීය.
තෙල් ප්‍රවාහන දුම්රිය කටුනායක බලා ධාවනය කළ බවත් අනතුර හේතුවෙන් පුත්තලම් මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතු වූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

2025 දෙසැම්බර් මස 18
27
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීදුවේදී මෝටර් රථය දුම්රියේ ගැටීමෙන් 4 ක් රෝහලට