IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සුදර්මා නිවෙසේ මෙහෙකාරියගේ මරණයේ සැකකරුවන් හදුනා ගැනෙති

(නිමන්ති රණසිංහ)

ව්‍යාපාරික කාන්තාවක වන සුදර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාරියගේ මරණය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බාරයේ සිටින සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ අවස්ථාවේ සාක්කිකරුවෝ සැකකරුවන් තිදෙනා අද හඳුනාගනු ලැබූහ.

හඳුනාගැනීමේ පෙරට්ටුව සදහා සාක්ෂිකරුවන් වශයෙන් ව්‍යාපාරික සුදර්මා නෙත්තිකුමාර, ඇයගේ සේවිකාව, රියැදුරු සහ මියගිය මෙහෙකාරිය සේවයට ලබාදුන් බ්‍රෝකර්වරයා ඇතුලු පස් දෙනකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඒ අනුව සැකකරුවන් තවදුරටත් ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අධිකරණයෙන් නියෝග නිකුත් විණී.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වැලිකඩ පොලීසියේ උප පොලිස් පරීක්ෂක අජිත් කුමාර, පොලිස් සැරයන්වරුන් වන ප්‍රේමචන්ද්‍ර බස්නායක, ගාමිණී ජයසිංහ සහ පොලිස් කොස්තාපල් මාලිංග ජයවර්ධන යන අයවලුන්ය.

 



අදහස් (3)

සුදර්මා නිවෙසේ මෙහෙකාරියගේ මරණයේ සැකකරුවන් හදුනා ගැනෙති

Arun Monday, 18 September 2023 08:14 PM

දැන් එතකොට සුදර්මා සාක්කි කරුවෙක්ද?

:       0       0

ලක්ෂ්මන් හුළුගල්ල Monday, 18 September 2023 09:38 PM

සුධරමා නෙත්තිකුමාර. හොඳට අහල පුරුදු නමක් නෙව.

:       0       3

abaran Tuesday, 19 September 2023 02:00 AM

පොලිස් නිලධාරීන්ට කිසිවෙකුටත් පහරදීමට නොහැකිය. එය නීති විරෝධිය . සැකකරුවෙකු ලෙස තම අත් අඩංගුවට පත්වන්නේ තමන් මෙන්ම මනුෂ්‍යයෙකුය යන්න තේරුම්ගැනීමට නොහැකි මෙවැනි අය මිනිසත්කමට ලැජ්ජාවකි . තමන්ගේ මෝඩ චූන් දැන් විඳවපල්ලා . අර කිසි වරදක් නොකළ උඹලගේ පවුල්වල අයටත් විඳවන්න ලැබුණු එකයි අපිට දුක. මේවගේ හස්රෙන අනිත් යටත් මේවා පාඩම් .

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site