IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ස්ථාන 66කට නාය අනතුරු

(මොහොමඩ් ආසික්)

දිවයින පුරා තව දුරටත් පවතින අධික වර්ෂාව සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක නවයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 66 කට නාය යෑමේ අවදානම් අනතුරු ඇඟවිමේ නිවේදනය අද 20 සවස සිට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, පස්සර, සහ හපුතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය ද හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවැනි මට්ටමේ නිවේදනයද නිකුත් කරනු ලැබ තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, බෝපේ පෝද්දල, බද්දේගම නියාගම, නාගොඩ , තවලම, නෙළුව ගාල්ල කොටුව, යක්කලමුල්ල, අම්බලන්ගොඩ, සහ ඉමදූව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔ්කේවෙල සහ බෙලිඅත්ත යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති අතර වලස්මුල්ල සහ කටුවන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ වලල්ලාවිට සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති අතර, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය, පාතදුම්බර, උඩුනුවර, හාරිස්පත්තුව සහ උඩදුම්බර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල යටියන්තොට,මාවනැල්ල , කෑගල්ල, අරණායක සහ දැරණියගල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල, මාලිම්බඩ, අතුරලිය, පස්ගොඩ, තිහගොඩ, වැලිපිටිය , මුලටියන,කඹුරුපිටිය , අකුරැස්ස, පිටබැද්දර, කොටපොළ ,හක්මන සහ මාතර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට දෙවැනි මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සදහා සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ඉඹුල්‌ෙප්,කොලොන්න,කහවත්ත,ගොඩකවෙල, පැල්මඩුල්ල, නිවිතිගල , කිරිඇල්ල සහ බලංගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද ,කුරුවිට ඔ්පනායක, ඇලපාත, වැලිගෙපොළ, කලවාන , රත්නපුර සහ ඇහැලියගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නාය යෑමේ අවදානම් නිවේදනයද නිකුත් කරනු ලැබ තිබේ.

අද 20 වනදා පස්වරුවේ නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට 21 වනදා පස්වරුව දක්වා බල පැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.

 



අදහස් (0)

ස්ථාන 66කට නාය අනතුරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site