IMG-LOGO

සතොසෙන් වී මිලදී ගැනීමට පියවර

(ඩයනා උදයංගනී)

වී අලෙවි මණ්ඩලයට බැංකු හරහා ප්‍රමාණවත් තරම් මුදල් නොලැබීම හේතුවෙන් වී මිලදී ගැනීම සම්බන්ධයෙක් මතුව ඇති ගැටලුවට විසඳුමක් ලෙස සතොස හරහා වී මිලදී ගෙන අලෙවි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව වැඩබලන කැබිනට් ප්‍රකාශක, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

වී මිලදී ගැනීම සම්බන්ධයෛන් ජීවන වියදම් පිළිබඳ අනුකාරක සභාවේදීත් සාකච්ඡා කර විසඳුමක් ලබාදීමට බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

එමෙන්ම රටේ ආහාර සංචිතවල අඩුවක් ඇතිවනු ඇතැයි යන බිය හේතුවෙන් ආරම්භ කළ සහල් ආනයනය ක්‍රමානුකූලව අඩුකිරීමටත්, පසුව එය නවතා දැමීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

මේ වන විට ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් පනවා ඇති ආනයන තහනම දෙසතියකට වරක් සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇතැයි ද කී ඇමතිවරයා ඒ අනුව දෙසතියකට වරක් සාකච්ඡා කරමින් එයට අවශ්‍ය පරිදි සංශෝධන කරන බව පැවසීය.

විදේශ විනිමය ගැටලුව විසඳුන සැණින් මෙම තාවකාලික තහනම සම්පූර්ණයෙන් ඉවත් කරන බව ද රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.

ආනයන තහනම හරහා මෙරට කර්මාන්ත ක්‍ෂේත්‍රයට අමුද්‍රව්‍ය හා උපාංග සපයාගැනීම සම්බන්ධයෙන් ගැටලු මතුවී ඇතැයි කී ඇමතිවරයා කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම ලැයිස්තුවට අවශ්‍ය සංශෝධන ගැසට් කර පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කරන බව ද කීවේය.



අදහස් (0)

සතොසෙන් වී මිලදී ගැනීමට පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site