IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘සත්‍ය සොයන කොමිසම ස්වාධින විය යුතුයි’

(අංජුල මහික වීරරත්න)

ජනවාර්ගික ප්‍රශ්නයෙන් පීඩාවට පත් වූ සෑම ජන කොටසකටම සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කිරීමෙන් සත්‍ය සොයා යෑමට අවස්ථාව හිමි වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය. 

සත්‍ය සෙවීමේ කොමිසම ස්වාධීන විය යුතු බවත් රජයේ වගකීම වන්නේ ඒ සඳහා පහසුකම් සැපයීම පමණක් බවත් පැවසූ අමාත්‍යවරයා පනත ස්ථාපිත කිරීමෙන් පසු කොමිසමට සම්පූර්ණයෙන් බලය පැවරෙන බවද සඳහන් කළේය. 

කොමිසමේ කටයුතු සාර්ථක කර ගැනීම අරමුණු කර ගනිමින් ජාත්‍යන්තර වශයෙන් දේශන මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත්, මේ වන විටත් කැබිනට් අනුමැතිය ලැබී තිබෙන  අන්තර්කාලීන ලේකම් කාර්යාලය මගින් කොමිසමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමේ පදනම සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ බව කීවේ  සත්‍ය සෙවීමේ කොමිසම පිළිබඳ වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන දැනුවත් කිරීම සඳහා  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. 

ජාත්‍යන්තරව පිළිගත් වගවීමේ ක්‍රියාවලියක අවශ්‍යතාව සහ එය ස්ථාපිත කිරීමේ රජයේ කැපවීම පැහැදිලි කළ අමාත්‍යවරයා සත්‍ය සෙවීමේ කොමිසම පිළිබඳ විශ්වාසය ගොඩ නැඟීමට අවශ්‍ය සියලු දේ සිදු කරන බව ද අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ දශක තුනක් පුරා මෙරට පැවති යුද්ධයෙන් ජාති බේදයකින් තොරව සියලු ජනතාවට විශාල පීඩනයකට මුහුණදිමට සිදු වු බවයි.



අදහස් (7)

‘සත්‍ය සොයන කොමිසම ස්වාධින විය යුතුයි’

අනුර Thursday, 27 July 2023 02:19 PM

එහෙම වෙන්නෙ නැති ඒකනෙ ප්‍රශ්නෙ

:       0       0

swene Thursday, 27 July 2023 02:21 PM

වර්තමානයේ ස්වාධින කොමිසන් කියල තියෙන්නේ බෝඩ් ලෑල්ලට පමණක් ස්වාධින ඒවා බව කවුරුත් දන්නවා .

:       0       0

Rata Perata Thursday, 27 July 2023 02:52 PM

නියම ස්වාධීන මිනිහෙක් ගේ අදහස් පිස්සු නැත්නම් හොඳයි

:       0       0

Kazi Shajahan Thursday, 27 July 2023 02:56 PM

සබ්රි .ලොකු ටෝක් නැතුව ,මුලින්ම මැතිවරණ කොමිසම ස්වාධීන කරලා චන්දයක් තියන්න

:       0       0

Bamunuarachchi Thursday, 27 July 2023 10:46 PM

මුස්ලිම් ආගමික යෙකු වන ඔබ‍ට ජනවාර්ගික ප්‍රශ්නයක් තිබෙන වාද? දෙමළුන්ට ජනවාර්ගික ප්‍රශ්න තිබෙනවානම් ඔවුන් කොහොමද මන්ත්‍රී, ඇමති, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ආණ්ඩුකාර වරු, රජයේ සේවකයෝ වෙන්නේ. රටපුරාම බිස්නස් කරන්නේ? එහෙම දෙයක් රටේ නැත. වක්‍රව ඉල්ලන්නේ රටින් කොටසක්.

:       0       3

Perera Friday, 28 July 2023 08:13 AM

ලංකාවේ කොයි කොමිසමද කෙරුවාවෙන් ස්වාධීන ?

:       0       2

දිමුත් Friday, 28 July 2023 11:22 AM

ලංකාවේ කවදද අනේ ස්වාධීන කොමිසම් තිබුණේ??

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 449 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1038 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site