IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සත්‍ය සොයන්නත් වෙනම කොමිසමක්

(සුජිත් හේවාජුලිගේ )

යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවේ සත්‍ය සමගිය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව නමින් නව කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.

මෙම කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කෙරිණ. මේ පිළිබඳ පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ලබන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙරට 1983 - 2009 අතර කාලයේදී උතුරු නැගෙනහිර ගැටුම් වලදී ශ්‍රී ලංකාවේ කුමන හෝ ස්ථානයක කිසියම් පුද්ගලයකුට ජීවිත හානියක් දේපළ  හානියක් සිදුවී ඇත්නම්   හෝ  මානව හිමිකම් කඩ වී ඇත්නම් ඒ පිළිබඳව විමර්ශන පැවැත්වීම සහ
ඒ පිරිස් වලට සාධාරණය ඉටු කිරීම සහ  මින් ඉදිරියට එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කොමිෂන් සභාවට පැවරෙන වගකීම් වෙයි.

එම පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනයේ සඳහන් වන අන්දමට  මෙම කොමිෂන් සභාව කොළඹ නගරයේ පිහිටවිය යුතුවේ. එහි රැස්වීම් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පැවැත්විය හැක.

කොමිසමේ සාමාජිකයන් ලෙස හත් දෙනකුට නොඅඩු පිරිසක් පත් කර ගත යුතු බවද  එම ගැසට් නිවේදනයේ දැක්වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට පෙර  කොමිෂන් සභාව පිහිටුවීම රජයේ අපේක්ෂාවේ.



අදහස් (4)

සත්‍ය සොයන්නත් වෙනම කොමිසමක්

Prabha Saturday, 06 January 2024 07:26 PM

යාපනේ පුස්තකාලේ ගිනිතියපු එක දාන්න කොමිසම්...!

:       0       0

Surain Saturday, 06 January 2024 07:44 PM

අයියෝ, මට විතරද මේවට හිනා යන්නේ...? ජනතාවට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ අඳුරගන්න බැරි පාලකයින් කුමටද?

:       0       0

C.K.Lankaputhra Sunday, 07 January 2024 05:04 AM

යුද්ධය අවසන් වී අවුරුදු 15 කට පස්සේ සාදාරණය මතක්වුනේ මේ වෙලාවේ ජාත්‍යන්තරයෙන් බලාපොරොත්තු වෙන සහනයන් ලබා ගැනීමට මිසක් උතුරු නැගෙනහිර ජනතාව ගැන කැක්කුමකින් නොවන බව ඉතා පැහැදිලියි. ඡන්දයකුත් ළඟ එනනිසා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ම බිම දාගන්න නියායයි ඕක... ඔය කෙලිවලින් අපේ ඡන්දෙ බාගන්න නම් හිතන්න එපා...

:       0       0

අරවින්ද මොනරවිල Sunday, 07 January 2024 08:11 AM

1983 ජූලි කලබල වල ප්‍රධාන චූදිතයෙක්... ඔහු එවකට රජයේ අධ්‍යාපන හා තරුණ කටයුතු කැබිනට් ඇමැති. ජූලි මස 24 දා දින දෙකක් පුරා රට පුරා දෙමළ ජනතාවට එරෙහිව ඇතිවු වාර්ගික ප්‍රචන්ඩ ක්‍රියා නිසා සිදුවූ සමූල ඝාතන, දේපොල විනාශ කිරීම සහ පැහැරගෙන යාම සහ ස්ත්‍රී දූෂණ වැනි අපරාධ වැළැක්වීමට හෝ නතර කිරීමට පියවර ගැනීමට අපොහොසත්වීම, මගහැරීම හා නොසලකා හැරීම මගින් එම අපරාධයන්ට ආධාර අනුබල දීම යන චෝදනාවන්ට එවකට බලයේ සිටි රජයේ විධායකය වන ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට චෝදනා ගොනුකළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site