IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සත්‍යප්‍රිය ලියනගේ සජබයට එක් වෙයි

(නිමල කොඩිතුවක්කු)

හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය හා එක්විය.

සමගි ජන බලවේගයට එක් වූ ඒ මහතා ‘දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ ප්‍රධානියා’ ලෙස සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පත් කරනු ලැබීය.

දශක තුනක යුද්ධය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් ලබා දුන් ඒ මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කිරීමට පෙර යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනාවිධායකවරයා ලෙස සහ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපතිවරයා ඇතුළු ප්‍රධාන තනතුරු රැසක කටයුතු කර තිබේ.

සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයට සහයෝගය පළ කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.



අදහස් (5)

සත්‍යප්‍රිය ලියනගේ සජබයට එක් වෙයි

වීරවිජේ Friday, 23 February 2024 01:20 PM

දූෂණ විරෝධී නං රජයේ රැකියා 5000 ගානේ අරං අමාත්‍යාංශ පුරවපු හොරෙක් ඉන්නවා. තමන්ගේ ඡන්ද වෙනුවෙන් පුරෝලා රටට කෝටි ගණන් බිලියන ගණන් විනාශ කරපු අය. වීඩියෝ සාක්කි තියනවා.. සෑර් පිරිමියෙක් නං උෘව ඉස්සෙල්ලාම අයින්කරල ඉමුද..? ඔට්ටුයි බැරුවාට..

:       0       17

පිටරටවැසියා Friday, 23 February 2024 02:08 PM

එක එක එකතුවෙනකොට මෙලෝ රහක් නෑ, බ්‍රිගේඩ් එකක් වගේ එක පාර ආවා නම් තමයි ගැම්මක් තියෙන්නේ, තාම එහෙම එන්න තරම් මිනිස්සුන්ට ඇම්මක් නැතිව ඇති මයේ හිතේ...

:       0       13

abaran Friday, 23 February 2024 05:25 PM

මෙයාගේ ඡන්දෙයි ගෙදර අයගේ ඡන්ද ටිකයි විතරයි...

:       3       15

චන්දන Friday, 23 February 2024 06:23 PM

මාෂල් තුමාගේ අවසරය ගත්තද..?

:       1       14

මහසෙන් Friday, 23 February 2024 06:40 PM

එන එන අයට මෙහෙම තනතුරු දෙන කෙනෙකුයි, මෙහෙම තනතුරු තියෙන පක්ෂයකුයි තියෙනවා නම් තව අටපට්ටමට කියන්න හොඳේ. මරු වෙන්න ජනපති. මේ පත්කරන විෂයන් වලට අදාලව කවුද දන් නෑ මීට පෙර මෙයට උපදෙස් දුන්නේ...?

:       3       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site