IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


සංජීව මරන්න දින දෙකකට කලින් වෙඩික්කරු සහ ඉෂාරා විනෝදෙන් ඉඳලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පාතාල ලෝකය දෙදරුම් කෑමට සමත් වූ ගනේමුල්ල සංජීවගේ ඝාතනයේ නීතිඥ වෙස්ගත්  වෙඩික්කරු සහ මේ වන විටත් පොලිසියට වසන් වී සිටින ගිනි අවිය අධිකරණය වෙත රැගෙන ආ සැකකාරිය  දිවුලපිටිය ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට ගොස් භාණ්ඩ මිලදී ගන්නා අයුරු සීසීටිවි කැමරාවක  සටහන් වී තිබිණි.

ගනේමුල්ල සංජීව ඝාතනයට දින දෙකකට ඉහත දී  එනම් 17 වෙනි දින දහවල් 2.17 ට පමණ එම වෙළඳසැලට පැමිණෙන ඔවුන් දෙදෙනා  කුඩා භාණ්ඩ කීපයක් මිලදී ගැනීමෙන් අනතුරුව කිරි බෝතල් දෙකක්ද පානය කරන අයුරු එහි සටහන් වේ.

පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අතුරුදහන්ව සිටින සැකකාරියගේ මව , පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු 11 දෙනෙකු පොලිසිය මින් අත්අඩංගුවට ගෙන ඇත.

සංජීවගේ ඝාතනයට අදට හරියටම දින නවයකි .මීගමුව - කටු වැල්ලේගම පාර අංක 243 හි පදිංචි පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ නමැති 25 හැවිරිදි  කාන්තාව ආරක්ෂක අංශවලට මෙන්ම බුද්ධි අංශවලට මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිි වී ඇත.



අදහස් (12)

සංජීව මරන්න දින දෙකකට කලින් වෙඩික්කරු සහ ඉෂාරා විනෝදෙන් ඉඳලා

ගුණරත්න Wednesday, 26 February 2025 10:13 PM

ඉෂාරා දැන් වීරවරියක් වෙලා නේ, පාතාල නායකයෙක් තොලොන්ජි කරලා දැමු වීරවරියක්, ආණ්ඩුව වැඩක් නොකරන විට මිනිස්සු නීතිය අතට ගන්නවා කියන්න හොඳම උදාහරණය මේක.

:       110       46

අරවින්ද මොණරවිල Thursday, 27 February 2025 06:49 AM

ගුණරත්නට පුරුද්දට දැන් ගිහිල්ලද මන්දා, නිවුස් එකක් දැක්කම බූක් ගෑවෙනවා.

:       0       0

alaaldin Thursday, 27 February 2025 10:23 AM

ඡන්දෙ ඉල්ලුවොත් දිනනවා.

:       1       1

රිතික් Thursday, 27 February 2025 09:48 AM

විනෝදෙන් හිටියා කිව්වේ? මට පැහැදිලි මදි.

:       1       3

Bunny Preena Thursday, 27 February 2025 09:57 AM

මේකත් කෘතිම බුද්ධියේ වැඩක් වත්ද?

:       0       0

සෙනෙවිරත්න Thursday, 27 February 2025 11:20 AM

ගුණරත්න, මේ අහන්න ,මුන් නිෂ්පාදනය කලේ ඔහෙල කත් ඇදපු ආණ්ඩු, මුන් වීරයන් කරන්නෙ ඔහෙලගෙ කණ්ඩායම බලයට ගේන්න හදපු ජඩ මාධ්‍ය , මුන්ගෙ දෙබස් කුණු රසය දෙපැත්තෙන් බේරෙන විදියට වැදගත් ගුවන් කාලය වැය කරමින් විනාඩි පහලෙවෙ විස්ස ප්‍රචාරය කරන්නෙ තමුන්ල ආවඩන මාධ්‍ය , වැඩ නොකරන ආණ්ඩු කියන්නෙ රෙදි ඇඳගෙනද?

:       0       0

සෙනෙවිරත්න Thursday, 27 February 2025 11:22 AM

ගුණරත්න කැමති දේ රටේ වෙන්නෙ නැහැ හැමදාම, පාතාලෙ උන්ට ජේපී කම් දීපු උන්ට කතිරෙ ගහල පවතින රජයට දොස් කියනව, පාතාලෙ සබඳකම් තිබුණු රජයන්ට නම් පාතාලය කීකරුයි, මේ වෙන්නෙ පාතාලයට ෂොට් එක වදින බව දන්න නිසා ඊට කලින් මුන් මරාගන්න එක.

:       0       0

සෙනෙවිරත්න Thursday, 27 February 2025 11:24 AM

අහෝ ගුනරත්නලාගෙ නායකයන් විසින් සොත්ති උපාලි ගෝනවල සුනිල්ගෙන් ආරම්භ කල පාතාලය අවසන් කිරීමට මාලිමා රජයකට සිදුවූ අපූරුව, ගුණරත්නලාට රිදෙන්නෙ එබැවිනි.

:       0       0

ජනරළ Thursday, 27 February 2025 11:28 AM

අනේ ගුණරත්න ඔයා හරිම මෝඩයි නේද? ආණ්ඩුව වැඩ කරන නොකරන හින්දා නෙමෙයි මේ ගෑනි මේක කරන්න ඇත්තේ ඒ ගෑනිට මහා ධනස්ඛන්ධයක් දෙනවා කියන පොරොන්දුව මත තමයි

:       0       0

Sanath Thursday, 27 February 2025 01:44 PM

ලක්ෂ 150 ක් අත ළඟ තියෙද්දි දුකෙන් ඉන්න ඕනෑ කවුද?

:       0       1

රුවන් Thursday, 27 February 2025 01:55 PM

ඇත්තටම 80 දශකයේ ඉදන්ම පාතාලයන් මැරුනේ ඒ රජයේ හෝ හිටපු රජයේ රහස්‍ය වහන්න. මේ ගෑනු කෙනා හාල්මැස්සෙක් විතරයි සමහර විට මොළයට අන්දපු කෙනෙක්. උදාහරණයක් ගංගොඩවිල උසාවියට 1999 බොම්බ ගහපු කතාව වගේ.

:       0       0

රෂ්තා Thursday, 27 February 2025 07:23 PM

දැන්නම් සංජීව ගේ නිව්ස් බලලාම අප්පිරියයි. මාධ්‍ය වලින් පුම්බල පුම්බලාම කාලේ නාස්ති කරනවා. ඒක නොවේ මිද්දෙනියේදී වෙඩි තියලා මරා දාපු රාජපක්ෂලාගේ අලුගෝසුවා යැයි කියපු කජ්ජගේ කේස් එකට මොකද වුණේ...? අර අහිංසක දරුවන්ගේ අනාගතය ඉවරයිනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 818 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2466 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1773 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site