(රෝෂන් තුෂාර)
පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය යට අදාල සීසීටිවී දර්ශන ඇතුලත් කොළඹ අලූත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ පරිගණක පද්ධතියට අදාළ දෘඪතැටි දෙකක් අද (03) පොලිස් බාරයට ගැනිණි.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති එස්.කේ.සේනාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේදී මෙම දෘඪ තැටි පොලිස් භාරයට ගැනීම සිදු කෙරිණි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහූද මෙම අවස්ථාවට එක්වී සිටියහ.
සංජීව ගේ ඝාතනය පසුගිය 19 දින උදෑසන සිදුවූූ අතර කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමත් පරිදි අදාළ සීසීටිවී දර්ශන විමර්ශන කණ්ඩායම් වෙත ලබා දෙන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කොට තිබිණි .
ඒ අනුව සියලු දර්ශන ඇතුළත් දෘඪ තැටි දෙකක් ප්‍රධාන රෙජිස්ටර්වරිය විසින් විමර්ශන කණ්ඩායම් වෙත භාර දුන්නාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සංජීව ඝාතනයේ CCTV දෘඪතැටි 2ක් පොලිස් බාරයට