IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


සංජීව ඝාතක යුවළගේ තවත් ඡායාරූප

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පාතාලයේ අණසක පතුරවාගෙන සිටි පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරත්න හෙවත් ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඔහුට ගිනි අවිය සැපයූ කාන්තාව ඝාතනයට පෙර දින (18) කඩුවෙල වැලිවිට හෝටලයට නවාතැන් ගැනීම සඳහා පැමිණෙන අයුරු සී.සී. ටී.වී කැමරාවක සටහන්ව තිබුණි.

එම හෝටලය වෙත ඝාතනයට පෙර දින එනම් (18) පස්වරුවේ මෝටර් රථයකින් පැමිණෙන ඔවුන් විදේශ රටක සිට පැමිණි බවත් පසුදින මහරගම ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වීමට නියමිතව තිබෙන බව හෝටලයේ කළමනාකාරීත්වයට පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එදින ම රාත්‍රී වෙනත් මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු හෝටලය ඉදිරිපිටට පැමිණ කාන්තාවට බෑගයක් ලබා දෙන බවත් එම බෑගයේ සංජීවට වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය සඟවා තිබූ අපරාධ නඩු විධාන සංග්‍රහයට අයත් ග්‍රන්ථය තිබෙන්නට ඇති බව සැක කරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පසුදින හෝටලයේ සිට මංගල සාදයකට සහභාගී වන ලෙස වෙඩික්කරු කළු පාට හෝ කෝට් එකකින් සැරසී මේ වන විට අතුරුදහන් සැකකාරිය කළුපාට සාරි ජැකට් එකක් සහසාරියකින් සැරසී සිටියදී ගම්පහ මල්වතු හිරිපිටිය වාහන කුලී පදනම මත ලබා දෙන ස්ථානයකින්  හෝටලයේ ඉදිරිපිටට  ආ සුඛෝභෝගි මෝටර් රථකින් අලුත් කඩේ අධිකරණ සංකීර්ණය වෙත ගමන් කර සිය ඉලක්කය සපුරා ගෙන තිබූ බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

සංජීව ඝාතක යුවළගේ තවත් ඡායාරූප

ගුණරත්න Thursday, 27 February 2025 11:38 PM

ඉෂාරා ඉෂාරා ඉෂාරා...

:       0       1

රුචිර Friday, 28 February 2025 09:38 AM

ඉතිං කුලී රථයේ රියදුරුට අහන්න තිබුණනේ මංගල උත්සවය තියෙන්නේ කොහේද? ඇයි මෙහේ ආවේ කියලා...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 815 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2461 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1771 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site